රුපියල් ලක්ෂ 476ක අගරු චෙක්පත් නඩු 4කට චීන කටු වෛද්‍යවරයාට ඔක්තෝබර් 28 දා දඬුවම්

ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ 476ක් සඳහා අගරු චෙක්පත් ලබාදී වංචාවක් සිදුකළ බවට පවරා ඇති නඩු 4කට අදාළව චීන කටු වෛද්‍යවරයකු වන ප්‍රසාද් දේශප්‍රිය විතාරණ නමැත්තාට ලබන ඔක්තෝබර් 28 වැනිදා දඬුවම් නියම කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් සංජය ලක්මාල් ජයසිංහ මහතා ඊයේ (15) නියම කළේය.රුපියල් ලක්ෂ 400ක අගරු චෙක්පත් සම්බන්ධ නඩු දෙකකදී විත්තිකරු වරදකරු කර ඇති අතර, තවත් රුපියල් ලක්ෂ 76කට අදාළ නඩු දෙකේදී ඔහු වරද පිළිගෙන තිබේ. ඒ අනුව නඩු හතරටම අදාළ දඬුවම් ඔක්තෝබර් 28 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අධිකරණය තීරණය කර ඇත.නුගේගොඩ පදිංචි ව්‍යාපාරික සුදර්ශන මංගල නමැත්තාගෙන් ලබාගත් මුදල් වෙනුවෙන් මෙම අගරු චෙක්පත් නිකුත් කර ඇති බව අධිකරණයේදී සඳහන් වී ඇත.ප්‍රසාද් දේශප්‍රිය නමැත්තා කළුබෝවිල චීන කටු වෛද්‍ය සායනයක් පවත්වාගෙන යන අතර ඔහු පසුගිය කාලයේ නිරූපිකාවන් පවා යොදවා විශාල වශයෙන් මුදල් වැය කොට තම කටු චිකිත්සාව පිළිබඳව මාධ්‍ය මඟින් ප්‍රචාරණයන් ලබා ඇති බවත් වාර්තා වේ. පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ හේමන්ත ජයතිලක සහ නීතිඥ තිලංග පොල්ගම්පොළ පෙනී සිටියහ.

කාලීන පුවත්