අගමැති පැමිණෙන බොලොඤ්ඤා නුවර ශ්‍රී ලාංකික උද්ඝෝෂණ;පිරිසකගෙන් විරෝධය

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් පිළිබඳ නිවැරදි තොරතුරු ජනතාව හමුවේ ඉදිරිපත් කොට එම ප්‍රහාරයේ මෙතෙක් යටපත්ව ඇති සත්‍යය හෙළි කරන ලෙස රජයට බල කෙරෙන සාමකාමී උද්ඝෝෂණයක් අද (12)ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව 6.30ට ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.බොලොඤ්ඤා නුවරදී අද ඇරඹෙන ජී 20 අන්තර් ආගමික සමුළුවට එක්වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද එම නුවරට පැමිණ තිබේ.
මේ අතර මෙම සාමකාමී උද්ඝෝෂණය ශ්‍රී ලංකාව ජ්‍යාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් කරවන සහ වත්මන් රජය අපහසුවට පත් කරන විපක්ෂ දේශපාලන පක්ෂ වල සහ ඇතැම් ආගමික කණ්ඩායම් වල අවශ්‍යතා මත සංවිධානය වන්නක් බව පවසමින් මෙම උද්ඝෝෂණය එක් වන්නවුන් පසු ගැන්වීමට කටයුතු කරන කණ්ඩායම් කිහිපයක් පිළිබඳව ද තොරතුරු ලැබී තිබේ.නමුදු මේ උද්ඝෝෂණයේ සංවිධායකයන් පවසනුයේ සමකාමී උද්ඝෝෂණ පැවැත්වීමට ජනතාවට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය සළකා ඉතාලි රජය ද මෙම උද්ඝෝෂණයට අවසර ලබා දී ඇති බවකි.

කාලීන පුවත්