ඉදිරි අය වැයෙන් ජනතා සහන බලාපොරොත්තු වෙන්න බැහැ-මහාචාර්ය තිස්ස විතාරණ

‘බැසිල් රාජපක්ෂ මහත්තයා මුදල් ඇමතිකම භාර ගත්තට පස්සේ කිව්වා ජනතාවට මේ තත්ත්වය මත බර පටවන්න වේවි කියලා.ඒ කියන්නේ ඉදිරි අය වැයෙන් ජනතාවට සහන කිසිවක් බලාපොරොත්තුවිය නොහැකි බවයි.මේ වනකොට රටේ කර්මාන්ත කඩා වැටිලා. සමහර ආයතන මේ වැහිලා ගිහිල්ලා. මිනිසුන්ගේ රැකියා නැතිවෙලා. ජීවන මං ඇහිරිලා. ජනතාවට ජීවත්වෙන්න බැරි තත්ත්වයකුයි දැන් තියෙන්නේ”පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා එසේ කීය. ඒ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බද්දේගම සමිත හිමියන් සමරා අද ඇල්පිටිය එකොලහ කණුව නීග්‍රෝධාරාම විහාරස්ථානයේ පැවති ලේ දන් දීමේ පිංකමකට සහභාගීවෙමින් එහි පැවති මාධ්‍ය හමුවේදීය.එහි දී ඇමති වරයා වැඩිදුරටත් මෙසේ ද කීය.”අද රටේ දේශපාලන තත්ත්වය නම් ඉතා දරුණු එකක්. එයට හේතුවෙලා තියෙන්නේ රටේ පවතින මේ ආර්ථික තත්ත්වය. මේ වනවිට රටේ ආර්ථික තත්ත්වයත් දරුණු අතට හැරිලයි තියෙන්නේ. අපේ ජනතාව මේ වනවිට විශාල ආර්ථික අර්බුදයකට මුහුණදීලයි ඉන්නේ.එහෙම ඉන්න ජනතාව පිට තවත් බර පටවනවාට සම සමාජ පක්ෂයේ අපි විරුද්ධයි.ජනතාව පිට බදු බර පටවන්න හොඳ නැහැ .ඇති හැකි අයගෙන් නම් බදු ගත්තට කමක් නැහැ.පීඩාවට පත්වෙලා ඉන්න ජනතාව මතම බදු බර පටවන එක කොහෙත්ම යෝග්‍ය නැහැ.අපි පක්ෂ දහයක් සමග ඊයේ පෙරේදා දවසක මේ පිළිබදව සාකච්ඡා කරලා යම් එකඟතාවයකට ආවා.එම සාකච්ඡාවෙදි එකගවුණු දේවල් ගැන ජනාධිපති ,අගමැති දැනුවත් කරන්න වේලාවක් ඉල්ලුවත් තාම නම් ඒක ලැබුණේ නැහැ”

කාලීන පුවත්