IOC ඉන්ධන මිල ඉහළ දමයි

ඊයේ(21)මධ්‍යම රාත‍්‍රියේ සිට ඉන්ධන මිල ඉහල දැමීමට ලංකා ඉන්දීය තෙල් සමාගම(IOC) තීරණය කර ඇත.ඒ අනුව එම සමාගමේ ඉන්ධන පිරවුම්හල්වලින් නිකුත් කරන පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් පහකින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් පහකින් ඉහල දමා තිබේ.

නමුත් ඛනිජ තෙල් සංස්ථා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනුයේ මෙම තත්වය යටතේ සංස්ථා පිරවුම් හල් වල අලෙවිය ඉහළ ගොස් එහි පාඩුව දරා ගත වීම නොහැකි වීම මත ඉදිරියේ දී සංස්ථා ඉන්ධන මිල ගණන් ද ලීටරය රුපියල් 20-30 පමණ මුදලකින් ඉහළ යනු ඇති බවත් ඊට සාපේක්ෂව ලංකා ඉන්දීය තෙල් සමාගම ද තම ඉන්ධන මිල ගණන් ඉහළ දමනු ඇති බවත් ය.

කාලීන පුවත්