උඩවලව-තණමල්විල මාර්ගය අද(15) සිට සතියක් වැසෙයි

උඩවලව ජලාශයේ බැම්ම හා පිටවාන අලුත්වැඩියා කිරී⁣ම සඳහා අද සිට (15)සතියක කාලයක් ජලාශයේ බැම්ම මතින් දිවෙන උඩවලව තණමල්විල මාර්ගය සම්පූර්ණයෙන්ම වසා තබන බව උඩවලව ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරු තේමිය බණ්ඩා සඳහන් කරයි.

ඒඅනුව උඩවලව තණමල්විල ප්‍රධාන මාර්ගය ඔස්සේ මොණරාගල ,කල්මුණේ සිට ඌව හා නැගෙනහිර දක්වා දිවෙන මාර්ගයේ වාහන ධාවන කටයුතු සම්පූරණයෙන්ම නවතා තැබෙන බව ඉංජිනේරුවරයා සඳහන් කරයි.

ඒ අනුව මෙම ප්‍රධාන මාර්ගය භාවිතා කිරීමට අපේක්ෂිත රථ වාහන රියැදුරන්ට මෙම කාල සීමාව තුළ ඇඹිලිපිටිය නගරය දක්වා ගොස් එතැනින් තණමල්විල මාර්ගය ඔස්සේ ගමන් කල හැකිවේ.

මෙම නඩත්තු කටයුත්ත සඳහා 22 දින දක්වා මාර්ගය වසා තැබීමෙන් අනතුරුව දෙසැ.23සිට 26 දක්වා කාලය තුළ එක් මංතීරුවක් පමණක් විවෘතව තැබෙන අතර ඉන් පසුව 2024 ජන 07 සිට ජන.14 දක්වා යළිත් මෙම මාර්ගය සම්පූරණයෙන්ම වසා තබා අනතුරුව ජන 15සිට පුර්ණ වශයෙන් විවෘත කරන බවද ජලාශය භාර ප්‍රධාන ඉංජිනේරුවරයා පැවැසීය.

කාලීන පුවත්