කොළඹ ජාතික රෝහලේ ආහාර පිසින්න කුණු එළවළු මාළු යොදාගන්න වෙලා

කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ රෝගීන්ට සහ සේවකයන්ට ආහාර පිසීම සඳහා ලබා දෙන වියළි අමු ද්‍රව්‍ය සැලකිය යුතු ප්‍රමාණයක් ප්‍රමිතියෙන් තොර බාල ඒවා බවත් ඇතැම් අවස්ථාවලදී රෝගීන්ගේ ආහාර වේල සඳහා ලබාදෙන එළවළු ද කුණු වීමට ආසන්න ඒවා බවත් කොළඹ ශ්‍රී ලංකා ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂක වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.රෝගීන්ට සහ සේවකයන්ට ලබා දෙන තේ වේල් සඳහා භාවිත කරන පිටි සහ සීනි ද කල් ඉකුත් වීමට ආසන්න ඒවා බව වෛද්‍ය බෙල්ලන මහතා පෙන්වා දෙන වෛද්‍ය බෙල්ලන මහතා සඳහන් කර ඇත්තේ ඇතැම් අවස්ථාවලදී ආහාර සැපයීම බාර අදාල කොන්ත්‍රාත් සමාගම සේවකයන්ගේ ආහාර වේල් සඳහා ආහාරයට නුසුදුසු මාළු ලබාදෙන බවයි.මේ පිළිබඳ සේවකයන් ගණනාවක් පැමිණිලි කර තිබෙන නමුත් එම සැපයුම් පිළිබඳ තීරණය ගත යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසාවෙන් රෝහල් බලධාරීන්ට කිසිවක් කළ නොහැකි බවකි.

කාලීන පුවත්