මේ අලුත් අවුරුද්දේ ජ්‍යොතිෂයටත් “හෙනහුරු දසාව”

ජන මාධ්‍ය මඟින් ජ්‍යොතීර්වේදීන් වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටි කිහිප දෙනකු පසුගිය අලුත් අවුරුදු උත්සව වලට පූර්වගාමීව ජ්‍යොතිෂ අනාවැකි වශයෙන් පැවසූ කරුණු මුළුමනින්ම අසත්‍ය බව ජනතාව හමුවේ දිගින් දිගටම අනාවරණය වීම නිසා මෙවර ජ්‍යොතිෂය මඟින් අලුත් අවුරුදු පලාපල දැන ගැනීමට තිබූ ජනතා උනන්දුව වේගවත් පහළ බැසීමකට ලක් ව ඇතැයි වාර්තා වේ.ඒ අනුව පසුගිය වසර වලට සාපේක්ෂව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය වල අලුත් අවුරුදු පලාපල සඳහා වෙන් කළ ඉඩ ප්‍රමාණයන් සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.එමෙන්ම රාජ්‍ය නැකත් කමිටූව විසින් මෙවර ඉදිරිපත් කොට ඇති අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ බරපතල දෝෂ සහිත තත්වයන් ඇති බවට තවත් ජ්‍යොතීර්වේදීන් පිරිසක් පෙන්වා දීම නිසා ද ජ්‍යොතිෂය පිළිබඳව පෙර පැවැති ජන ආකර්ශනය අඩාල වීමට හේතු වූ බවට බොහෝ දෙනෙක් අනුමාන කරති.

කාලීන පුවත්