ජන හිතකාමී පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී ජීවිතක්ෂයට

මෑත කාලීන දේශපාලඥයන් අතුරින් මතු වූ සුවිශේෂ ජන හිතකාමී මාදිලියක් නියෝජනය කළ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වී තිබේ.ඔහු මිය යන විට ඒ මහතා 64 වියේ පසුවිය.මතුගම ප්‍රදේශයේ පිහිටි ඒ මහතාට අයත් ඉඩමක විදුලි පරිපථ දෙකක් සවි කිරීමට යාමේ දී විදුලි සැර වැදීම හේතුවෙන් ඔහු කළුතර නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තා වේ.මේ වන විට ඔහුගේ දේහය කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.මේ වන විටත් රෝහල වෙත විශාල පිරිස් ඇදෙමින් සිටින බව ද වාර්තා වෙයි.

කාලීන පුවත්