ජනක රත්නායකගේ කාර්යාලයට මුද්‍රා තැබේ

කොල්ලුපිටිය මර්චන් ටවර් ගොඩනැගිල්ලේ 6 වැනි මහලේ පිහිටි මහජන උපයෝගිතා කොමිසමේ කාර්යාලයේ ඇති එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතාගේ කාර්යාලයට මුද්‍රා තබා පොලිස් ආරක්‍ෂාව යෙදවීමට කොල්ලුපිටිය පොලිසිය අද (16) පස්වරුවේ පියවර ගත්තේය.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිරිසක් පැමිණ අදාළ කාර්යාලයේ තිබෙන වැදගත් ලියකියවිලි විනාශ කිරීමට උත්සාහ කරන බවට කොල්ලුපිටිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව කොල්ලුපිටිය පොලීසිය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකණයට කරුණු වාර්තා කර ලබාගත් අධිකරණ නියෝගයක් අනුව මෙලෙස අදාළ කාර්යාලයට මුද්‍රා තබා තිබේ.

කාලීන පුවත්