ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු පොලිය ගැන අවධානය යොමු කරනවා

ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට නැවතත් සියයට 15 ක පොලී අනුපාතිකයක් ලබා දුනහොත් රජයට වසරකට රුපියල් කෝටි 8000 ක් වැය කිරීමට සිදු වුවද ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට බැංකු ගිණුම්වල පොලිය සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී (25) පැවැසීය.ජ්‍යෙෂ්ඨ පුරවැසි බැංකු ගිණුම්වලට සියයට 15ක පොළියක් පසුගිය කාලයේ දී දීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 10,800ක හිඟ මුදලක් තවමත් ගෙවීමට සිදුව ඇති බැවින් මේ වන විට එම පොලිය සියයට දහසයේ සිට සියයට නවය දක්වා අඩුකර ඇති බව පැවැසූ සියඹලාපිටිය මහතා පවතින මුදල් ප්‍රවාහයන් අනුව මෙම ගැටලුව සඳහා විසඳුම් දීමට විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද පෙන්වා දුන්නේය. මේ අතර මාසික පොලිය ලක්ෂයකට වඩා අඩු පිරිසකගෙන් රඳවා ගන්නා පොලිය වහාම ඉවත් කිරීම වෙනුවෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් කීය.

කාලීන පුවත්