නුවරඑළියේ ගෝවා මහඉලුක්පල්ලමේ හේනකින් මතුවෙයි

මෙරට කෘෂි ඉතිහාසයේ මුල් වරට නුවරඑළියේ වගා කරන ගෝවා බීජ ප්‍රභේදයක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහඉලුක්පල්ලම ප්‍රදේශයේ හේනක වගා කොට සාර්ථක අස්වැන්නක් ලබන මහාඉලූක්පල්ලම මහමීගස්වැව පදිංචි ඩී .එම් . සංජීව කැලුම් දිසානායක නම් තරුණ ගොවි මහතකු පිළිබඳව වාර්තා වෙයි.සාමාන්‍යයෙන් නුවරඑළියේ වගා කරන ගෝවා බීජ අනෙකුත් ප්‍රදේශවල වගා කිරීමට නොහැකි අතර අනෙකුත් ප්‍රදේශවලට වෙනත් ගෝවා බීජ ඇති බවටත් පොදු පිළිගැනීමක් තිබේ.ඔහු මෙම සාර්ථ්ක අත්හදා බැලීම සිදු කොට ඇත්තේ එවන් පසුබිමක ය.

කාලීන පුවත්