පේරාදෙණි සරසවි වැඩ ඉංජිනේරුගේ සහ වැඩ අධිකාරීගේ වැඩ නතර කෙරේ

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගේ පෞද්ගලික නිවසේ අලුත්වැඩියාවකට විශ්ව විද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම සම්බන්ධ සිද්ධියට අදාළව තවත් නිලධාරින් දෙදෙනකු සේවයෙන් ඉවත් කර ඇතැයි පේරාදෙණිය විශ්ව විද්‍යාල ආරංචි මාර්ග තහවුරු කරයි.විශ්ව විද්‍යාලයේ පාලක සභාව ගත් තීරණයකට අනුව මෙසේ සේවයෙන් ඉවත් කර ඇත්තේ පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ වැඩ ඉංජිනේරුවරයා සහ වැඩ අධිකාරිවරයා ය.
මෙම සිද්ධියට අදාළව පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරිවරයාගේ සේවය ද ඉකුත් 30 වැනිදා අත්හිටුවා තිබිණ.
ලේඛකාධිකාරීවරයාගේ නිවස අලුත්වැඩියාව සඳහා රාජකාරි වේලාවේදී විශ්ව විද්‍යාල සේවක පිරිසක් යොදා ගැනීම, ඒ සදහා විශ්ව විද්‍යාල වැඩ දෙපාර්තමේන්තුවට අයත් උපකරණ තොගයක් අනුමැතියකින් තොරව ලබා ගැනීම යන චෝදනා මත සිදුකරන ලද පරීක්ෂණයට අනුව මෙම නිලධාරීන් තිදෙනාගේ සේවය අත්හිටුවා තිබේ.

කාලීන පුවත්