පොළොන්නරුව ලංගම ඩිපෝවට ඉකුත් මාස හය තුළ මිලියන 100කට වඩා ශුද්ධ ලාභයක්

පිරිවැය හැකි තරම් අවම කරමින් වංචා දූෂණ අක්‍රමිකතා වළක්වා ගනිමින් පසුගිය මාස හය ඇතුළත රුපියල් මිලියන 100කට වඩා ශුද්ධ ලාභයක් හිමි කර ගැනීමට පොලොන්නරුව ලංගම ඩිපෝව සමත් වී තිබේ. ඒ අනුව ලෝක පොදු ප්‍රවාහන දින සැමරුව නිමිත්තෙන් ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය පැවැත්වූ කාර්ය සාධක ඇගයීම් සම්මාන ප්‍රදානෝත්සවයේදී ශ්‍රී ලංකාවේ මධ්‍යම ගමනාගමන මණ්ඩලයට අයත් බස් ඩිපෝ 107 ක් අතරින් ප්‍රථම ස්ථානය දිනා ගත් පොළොන්නරුව ඩිපෝව ඇගයීමට පාත්‍ර විය. මේ සඳහා දායක වූ ඩිපෝ කළමනාකරුවන්ට පළාත් කළමනාකරුවන්ට සහ ඩිපෝවේ කාර්ය මණ්ඩල සේවකයන් අගැයීම වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති බන්දුල ගුණවර්ධන මහතා එහි නිරික්ෂණ චාරිකාවකට පසුගිය දා එක් විය.මේ අවස්ථාවට ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස්, දුම්රිය සාමාන්‍යාධිකාරී එච්.එම්.කේ.ඩබ්ලිව් බණ්ඩාර, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති වරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කාලීන පුවත්