මේ වසර අවසානයේ ශ්‍රී ලංකාව කහ වලින් ස්වයංපෝෂිතයි

මෙම වසර අවසන් වන විට ශ්‍රී ලංකාව කහ වලින් ස්වයංපෝෂිත වන බව අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී හීන්කෙන්ද මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ අමුකහ මෙට්‍රික් ටොන් හැට දහසකින් වි‍යළි කහ මෙට්‍රික් ටොන් අට දහසක් නිපදවිය හැකි අතර අප රටේ වාර්ෂික වියළි කහ පරිභෝජන අවශ්‍යතාව මෙට්‍රික් ටොන් හත්දහස් පන්සියයක් පමණ බවය.එබැවින් මෙම වසර අවසන් වන විට අපේ රට කහ වලින් ස්වයංපෝෂිත වන බව පවසන අධ්‍යක්ෂ ජනරාල් වරයා මාස අටක් ඉක්මයාමට පෙර කහ වගාවේ අස්වනු නෙළීමෙන් නිසි ප්‍රතිඵල නොලැබෙනු ඇතැයි ද ගොවි මහතුන්ට පෙන්වා දෙයි.

කාලීන පුවත්