මෛත්‍රීපාල ශ්‍රීලනිපය භාර අරන් පක්ෂයේ මන්ත්‍රීවරු එකසිය හතලිස් හතර දෙකට බැස්සුවා

තමන් එදත් අදත් නියම ශ්‍රී ලංකා කාරයින් බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපය භාරගත් පසු පක්ෂයේ මන්ත්‍රීවරු 144 දෙනා 02 දක්වා බැස්ස වූ බවත් පක්ෂය රස්තියාදුකාරයන්ගේ තැනක් බවට පත් කළ බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. මේ තත්වය තවදුරටත් ඉවසිය නොහැකි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැදිහත්වී අධිකරණය මඟින් වාරණ නියෝගයක් ලබාගත් බවත් ඇමති වරයා කීය. ඔහු එසේ පවසන ලද්දේ ශ්‍රීලනිප තනතුරු වලින් ඉවත් කළ මහින්ද අමරවීර,ලසන්ත අලගියවන්න හා දුමින්ද දිසානායක යන මහත්වරුන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අධිකරණය ලබා දුන් වාරණ නියෝගයත් සමඟ ශ්‍රීලනිප මූලස්ථානයට ගොස් පැවැත්වූ මාධ්‍ය හමුවක දී ය.එහි දී ඔවුන් ශ්‍රීලනිප නැවත පොදු ජනතාවගේ පක්ෂයක් නගා සිටුවිය යුතු බව ද අවධාරණය කොට තිබේ.

කාලීන පුවත්