ලොතරැ‍යි යළි හෙට සිට

පසුගිය කාලය තුළ නතර කොට තිබූ ලොතරැයි ටිකට් අලෙවිය හෙට(13) සිට යළි ඇරඹෙයි. රට වසා දමන සෑම අවස්ථාවකදීම දැඩි පීඩනයට පත්වන පිරිස් අතර වැඩිම පිරිසක් ලොතරැයි අලෙවි කරන්නවුන් වීම මීට හේතුව බව රජය කියයි.
ජාතික ලොතරැයි මණ්ඩලයට හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයට මෙම කාලයේදි අහිමි වි ඇති මුදල රුපියල් මිලියන 483 කි. ජාතික ලොතරැයි මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි 8 ක් හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ එම ආදායම රුපියල් කෝටි 5 ක් වෙතැයි කියනු ලැබේ.මෙරට සමස්ත ලොතරැයි අලෙවි නියෝජිතයන් සංඛ්‍යාව 4800 කි. ඔවුන්ගෙන් ටිකට් පත් ගෙන කොමිස් පදනම යටතේ අලෙවිකරන සංඛ්‍යාව අතිවිශාලය.

කාලීන පුවත්