වර්ජනයෙන් මඟීන්ට සිදු වන අපහසුතා ගැන වගකීම දුම්රිය බලධාරීන් බාර ගත යුතුයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ වන විට අරඹා ඇති පැය 24ක සංකේත වැඩ වර්ජනය හේතුවෙන් කාර්යාල සේවකයන් ඇතුළු දුම්රිය මඟීන් දැඩි අපහසුතාවයන්ට පත් ව තිබේ.දුම්රිය සාමාන්‍ය දුම්රිය කාල සටහන නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීම හිටිහැටියේ දුම්රිය අවලංගු කිරීම ආදී මඟීන්ට බලපාන කරුණු කිහිපයකට විරෝධය දක්වමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කළ බව පවසන දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනුයේ මෙම වැඩවර්ජනය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවය තාවකාලික වන අතර දෙපාර්තමේන්තු බලධාරීන්ගේ අදූරදර්ශී ක්‍රියා මාර්ග දිගටම පැවතිය හොත් මඟීන්ට සිදුවන මෙම අපහසුතා නිරන්තරයෙන්ම පවතින බවකි.එමෙන්ම දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයෙන් මඟී ජනතාවට සිදු වන අපහසුතා පිළිබඳ පූර්ණ වගකීම දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඇතුලු පරිපාලනය බාර ගත යුතු බවත් සභාපති වරයා පැවසීය

කාලීන පුවත්