සමරිසි පනතට බෞද්ධ සම්මේලන විරෝධය

ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත සමරිසි පනත දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමටත් ඊට විරෝධය දැක්වීමටත් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව තීරණය කර ඇත. මහා සංඝරත්නය සහ බෞද්ධ සංවිධාන නියෝජිතයන් එක්ව මේ තීරණය ගෙන ඇත. මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ දී පැවැති අතර එම රැස්වීමට මහනුවර සිට මාර්ගගතව සම්බන්ධ වෙමින් ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී නාහිමියන් පැවසුවේ වහාම සමූහයක් ලෙස එකතු වී මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කොට ඊට විරෝධය පළ කළ යුතු බවයි.මහ නාහිමිවරුන් ප්‍රමුඛ ගරුතර මහ සංඝරත්නය හා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය ප්‍රමුඛ බෞද්ධ සංවිධාන ඒ සඳහා එක්විය යුතු බවද උන් වහන්සේ කීහ.

.

කාලීන පුවත්