ලයිට් බිල් නොගෙව්වොත් විදුලි බල මණ්ඩලයත් “අඳුරේ”
පාරිභෝගිකයින් දිගින් දිගටම විදුලි බිල් නොගෙවීම හේතුවෙන් මේ වනවිට විදුලිබල මණ්ඩලය විශාල ආර්ථික ගැටලුවකට මුහුණ දෙමින් සිටින බවත් තව මාසයක් තුළ තත්වය තවත් දරුණු විය හැකි බවත් විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.අද (16) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ, බිල් ගෙවීම සඳහා පාරිභෝගිකයින් …
ඒලියන්ත වයිට් ගේ තත්වය බරපතල අතට
කොවිඩ් ආසාදනය වීමෙන් දැනට අගනුවර පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඒලියන්ත වයිට් මහතාගේ තත්වය බරපතල අතට හැරී ඇතැයි එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය දරන සමයේ සිට ඔහුගේ පෞද්ගලික වෛද්‍ය වරයා වශයෙන් ප්‍රකටව සිටි ඒලියන්ත වයිට් මහතා කිසිදු …
ලොහාන් රත්වත්තේ අත් අඩංගුවට ගෙන නඩු පැවරිය යුතුයි
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාර වල සිද්ධීන්ට සම්බන්ධ ලොහාන් රත්වත්තේ මහතා ඇතුළු පිරිස වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව සාපරාධී චෝදනා යටතේ නඩු පැවරිය යුතු බවත් අදාල රාජ්‍ය අමාත්‍යවරයා සතුව ඇති පිස්තෝලය ඔහුගෙන් පවරා ගත යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා කියයි.එමෙන්ම ඔහු සියළු …
සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්සූ අයත් එහිම රැඳවිය යුතුයි
කිසිවෙකු හෝ සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා දණ ගැස්වීමට කටයුතු කර ඇත්නම් ඔහු ද දීර්ඝ කාලීනව බන්ධනාගාරය තුළම රඳවා තැබීම සුදුසු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. රාජ්‍ය අමති ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වා බියවැද්දීම සම්බන්ධයෙන් අමාත්‍ය වරයා එසේ කීය. ඒ පරිසර …
කිරි පිටි,මිරිස්,කෘෂි බීජ ආනයනයට 2024 වසරේ තිත
2024 වන විට කිරිපිටි ආනයනය නතර කර ජනතාව දියර කිරි සදහා හුරු කරවීමේ ඉලක්කය සපුරා ගැනීමටත් කටයුතු මෙරටට කෘෂි බීජ ආනයනය නතර කර රටට අවශ්‍ය බීජ රටතුල නිපදවා ගැනීමටත් කටයුතු කරන බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියයි. එමෙන්ම බහුජාතික සමාගම්වල බලපෑම්වලට හසුනොවී ජනාධිපති ගෝඨාභය …
අනුරපුර බන්ධනාගාර සිදුවීම ගැන මානව හිමි කම් කොමිසමෙන් පරීක්ෂණ
හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි රඳවා සිටින සිරකරුවන් දණගස්වා මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනම් විමර්ශනයක් ආරම්භ කර තිබේ.එම සිද්ධිය සම්බන්ධයෙන් ජනමාධ්‍ය කළ වාර්තාකිරීම් සැලකිල්ලට ගෙන පැමිණිල්ලකින් තොරව කොමිසම විමර්ශන ඇරැඹූ …
උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?
වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …
දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …
No posts found.
No posts found.
බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …
අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …
මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්
කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …
No posts found.
No posts found.
.
බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන
මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …
සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද
අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …
සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන
වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …
බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!
මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …
කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?
මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …
මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම
මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …
කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව
මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …
ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ
තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …