අදත් පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි

අද (26) දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල තැනින් තැන සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වන වෙරළබඩ ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම නිවේදනයේ දැක්වෙයි.එමෙන්ම සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල සමහර ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කොට තිබේ.

.

කාලීන පුවත්