එක්ස්ප්‍රස් පර්ල් සිද්ධියට අදාළව දැනුම්දීමක්

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමීන්ද පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

දේශීය නියෝජිත ආයතනය හා නැව අතර ඇති වූ සංවාද ඇතුළත් හඬ පට දත්ත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

නැව ගිනි ගැනීමට පෙර රසායනික කාන්දුවක් සිදුවන බවට කපිතාන්වරයා විසින් නැවේ මෙහෙයුම් කටයුතු කළ දේශීය නියෝජිත ආයතන දැනුවත් කර ඇත්ද?එසේ දැනුවත් කලේ නම් එම දත්ත දේශීය ආයතනය නියෝජිතයින් විසින් මකා දමා ඇත්ද යන්න පිළිබඳව සිදුකරන විමර්ශන කඩිනම් කිරීමට නියෝග කරන්නැයි විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.

කාලීන පුවත්