මාලේ සහ කටුනායක ගුවන් තොටුපොළ අතර අඩු වියදම් ගුවන් සේවයක්

මාලදිවයින මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන් තොටුපොළ අතර , මාලදිවයිනේ ” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ආරම්භ කොට ඇත.එහි ප්‍රථම මංගල ගුවන් යානය ඊයේ (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .කිව්.2 – 940 දරන මෙම ගුවන් යානය ඊයේ රාත්‍රී 09.55 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි අතර ජල ආචාර පවත්වමින් මෙම ගුවන් යානය පිළිගැනීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ.මින් පසුව මෙම ගුවන් සේවයේ යානා සෑම සතියකම දින දෙකක් , එනම් බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා කටුනායක සහ මාලදිවයින අතර ගුවන් ගමන් වල නිරත වීමට නියමිතය .” මෝල්ඩිවියන්ස් ” ගුවන් සේවය ගුවන් සේවය තම ප්‍රථම මංගල ගුවන් ගමන සදහා ඒ.320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එම ගුවන් යානයෙන් මාලදිවයින ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය කපිතාන් මොහොමඩ් අමීන් මහතා ද පැමිණ සිටියේය .එම අමාත්‍යවරයා ඇතුළු එම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් පිළිගැනීම සදහා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා , මාලදිවයින ශ්‍රී ලංකා තානාපති රංග ගුණවර්ධන , ශ්‍රී ලංකාවේ මාලදිවයින තානාපති ඇඩම් සාදික් මහත්මිය , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය , ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා ඇතුළු සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ .

.

කාලීන පුවත්