ඉදිරි දින කිහිපයේ විදුලි සැපයුම දැඩි අර්බුදයක

විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීමෙන් ඉදිරි දින කිහිපය තුළ විදුලි සැපයුම දැඩි අර්බුදකාරී තත්වයකට පත් විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.ඉන්ධන නොමැති කමින් කැළණිතිස්ස තාප විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් ඊයේ(18) රාත්‍රී 10.30 ට පමණ අක්‍රීය වී ඇති අතර ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලි බිදවැටීමක්ද සිදුව තිබේ.තාප විදුලි බලාගාරවලට ඉන්ධන නොමැති වුවහොත් පූර්ව දැනුම් දීම් වලින් තොර විදුලි බිඳ වැටීම් සහ විදුලි කප්පාදු කිරීම සිදුවිය හැකි බව පවසන ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනුයේ මෙවැනි අවිනිශ්චිත හා අර්බුදකාරී තත්වයක් මෙරට විදුලි බල ඉතිහාසයේ කෙදිනක වත් සිදු වී නොමැති බවකි.

කාලීන පුවත්