නව ජනපති ලේකම් ගාමිණී සෙනරත් වැඩ අරඹ‍යි

නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා අද(19) වැඩ භාර ගැනීමට නියමිතය. ඔහු මෙලෙස ජනාධිපති ලේකම් ධූරයට පත් කෙරුණේ ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වීමත් සමඟිනි.2019 වසරේ නොවැම්බර් 21 වනදා සිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ අතිරේක ලේකම්වරයා ලෙස කටයුතු කළේය.
කැළණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය සම්පූර්ණ කළ ගාමිණී සෙනරත් මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් ව ඇත්තේ 1984 වසරේදීයි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය පිළිබඳ පශ්චාත් උපාධිය ද සම්පූර්ණ කර ඇත.මේ අතර ගාමිණී සෙනරත් මහතා ගෙන් පුරප්පාඩු වන අග්‍රාමාත්‍ය ලේකම් ධූරය සඳහා තවත් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියකු වන වාරිමාර්ග අමාත්‍යංශයේ ලේකම් වත්මන් අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිතය

කාලීන පුවත්