ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා

මෙවර පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ලබන සෙනසුරාදා(22) පැවැත්වෙයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද නිසි පරිදි අනුගමනය කරමින් විභාගය පැවැත්වීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එම්. එල්. ඩී. ධර්මසේන මහතා සඳහන් කරයි.පලමු ප්‍රශ්න පත්‍රය පෙරවරු 9.30 ට ලබාදීමටත්. දෙවන ප්‍රශ්න පත්‍රය පෙරවරු 11.00 ට ලබාදීමට කටයුතු කරන බව ද ඔහු කියයි. මෙවර විභාගයට මුහුණදෙන සිසු-සිසුවියන් සංඛ්‍යාව තුන්ලක්ෂ හතලිස් දහස් පන්සිය අට කි. මධ්‍යස්ථාන 2943 කදී විභාගය පැවැත්වෙයි. විභාග සම්බන්ධීකරණ මධ්‍යස්ථාන සංඛ්‍යාව 496 කි. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනයවී ඇති දරුවන්ට ද ශිෂ්‍යත්ව විභාගයට මුහුණදිය හැකි අතර. ඔවුන් වෙනුවෙන් විශේෂ විභාග මධ්‍යස්ථාන 108 ක් ක්‍රියාත්මක වෙයි.

කාලීන පුවත්