කොරෝනා එන්නත නොගත් අය පිළිබඳව තොරතුරු එක්රැස් කෙරේ

වයස අවුරුදු 60 ට වැඩි අයගෙන් 85 දහසක් පමණ මෙතෙක් කොරෝනා එන්නත ලබාගෙන නොමැති බව වාර්තාවෙයි. ඔවුන්ගෙන් තොරතුරු ග්‍රාම නිලධාරීන්ගේ මාර්ගයෙන් එක්රැස් කරමින් පවතී. එය සම්පුර්ණ වු පසු අදාළ පුද්ගලයන් සොයා ගොස් එන්නත ලබාදීමට සෞඛ්‍ය අංශ සුදානමින් සිටී.
කොරෝනා වැළදුන අයට මාස 3 ත් මාස 6 ත් අතර කාලයක් වෙනත් දිගුකාලීන රෝග ලක්‍ෂණ පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වයි. ශ්වසන අපහසුතා, කාන්සිය, විෂාදය, පපුවේ සහ උගුරේ වේදනාව,’ හිසරදය’ මාංශපේෂී වේදනාව එහිදී බහුලව දැකගත හැකිය. කාන්තාවන්ට බහුලව මෙම රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි.

කාලීන පුවත්