ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න සූරීහු සදහටම නික්ම යති

පසුකාලීන ගුවන් විදුලි සන්නිවේදකයන් රැසකට පහන් ටැඹක් බඳු වූ ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදී අසෝක තිලකරත්න මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(13) අභාවප්‍රාප්ත වී ඇත.මියයන විට ඒ මහතා 82 හැවිරිදි වියේ පසු විය.කොළඹ නාලන්දා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ තිලකරත්න මහතා 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක් විය.මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ඔහු සිංහල හා ඉංග්‍රීසි යන භාෂා ද්විත්වයෙන් ම ප්‍රවෘත්ති ඉදිරිපත් කළ නිවේදකයෙක් ද විය.ඒ අතර ඔහු විසින් සම්පාදනය කරන ලද ගුවන් විදුලි වැඩ සටහන් රැසක් අතිශය සාර්ථකත්වයට පත් ව තිබේ.ගුවන් විදුලි මාධ්‍යය තුළ බස හා හඬ හැසිරවීම සම්බන්ධ ඉහළම ප්‍රමිතියකින් යුතු ගුවන් විදුලි සන්නිවේදකයකු වූ වසර හයක පමණ කාලයක් වැඩසටහන් කළමනාකරුවකු ලෙස කටයුතු කොට තිබේ.අසෝක තිලකරත්න මහතා මෙරට ගුවන් විදුලියේ ස්වර්ණමය යුගයේ පෙරගමන්කරු ලෙස සැලකෙන රිජ්වේ තිලකරත්නයන්ගේ එක ම සොහොයුරා ද වෙයි.

කාලීන පුවත්