එට්නා ගිනිකන්ද සක්‍රීය වේ

ලොව වඩාත්ම සක්‍රිය ගිනිකඳු වලින් එකක් සේම යුරෝපයේ විශාලතම ගිනිකන්ද ද වන එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති අතර ඉන් පිටවන අළු සහ දුමාරය කිලෝ මීටර් කිහිපයක් තෙක් විහිද යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මේ අනුව එහි සිටින සංචාරකයින් සහ කඳු නගින්නන් වහාම ඉන් ඉවත් කොට තිබේ.ඉතාලියේ සිසිලියේ නැගෙනහිර වෙරළ තීරයේ, කැටානියා මෙට්‍රොපොලිටන් නගරයේ, මෙසිනා සහ කැටානියා නගර අතර අප්‍රිකානු තහඩුව සහ යුරේසියානු තහඩුව අතර අභිසාරී තහඩු මායිමට ඉහළින් එට්නා ගිනිකන්ද පිහිටා ඇත.එට්නා වසරකට අවස්ථා කිහිපයකදීම විදාරණය වන අතර මෙවර සක්‍රියවී ඇත්තේ එහි ගිනිකොනදිග කුහරය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.එම විදාරණයේ හඩ සහ කම්පනය ඉන් කිලෝ මීටර් 50කටත් ඔබ්බෙන් පිහිටි කැටනියා නගරයට පවා දැනී තිබූ අතර මේ හේතුවෙන් එට්නා ගිනිකන්ද අවට කලාපයේ රැඳී සිටින ජනතාව සීරුවෙන් තැබීමට බලධාරින්ට සිදුව ඇති බව වාර්තා වේ.

කාලීන පුවත්