පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරය හා මිහින්තලේ අතර නොමිලේ ගමන් කිරීමට හැකි පොසොන් දුම්රිය අද (09) දහවල් 12. 30 සිට ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.අද සිට 11දා දක්වා ධාවනය කෙරෙන මෙම විශේෂ පොසොන් දුම්රිය ගමන් වාර 36 ක් ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කරයි.පෞද්ගලික සමාගමක් මගින් මෙම විශේෂ දුම්රිය සදහා පූර්ණ වියදම් දරන බැවින් බැතිමතුන්ට අනුරාධපුර සිට මිහින්තලේ දක්වා නොමිලේ ගමන් කිරීමට අවස්ථාව සැලසී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පවසයි..