විපක්ෂයට බහුතර සභික සංඛ්‍යාවක් හිමි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා ඒකාබද්ධ විපක්ෂයක් ලෙස කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන පක්ෂවල මහලේකම්වරු පවසති.පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂවල මහලේකම්වරුන් විසින් ඊයේ (12) කොළඹ 8,කොටා රෝඩ් හි ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විය. සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, පොදු ජන එක්සත් පෙරමුණේ මහලේකම් ලසන්ත අලගියවන්න, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගි වූහ.