ස්නායු විශේෂඥ ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න මහත්මිය යටතේ ශල්‍යකර්මවලට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් ඇතුළු පාර්ශවයන්ගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබේ.කොමිසම දැනුම් දෙන්නේ වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ප්‍රතිකාර ලබා අගතියට පත් වූ පුද්ගලයන් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයන් අදාළ තොරතුරු කොමිෂන් සභාව වෙත ලබාදෙන ලෙසයි.1954 යන ක්ෂණික ඇමතුම් අංකයෙන් හෝ ciaboc gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනයෙන් මෙම තොරතුරු දැනුම් දීමට හැකියාව පවතී.