වත්මන් ආණ්ඩුව සමස්ත ජාතියේම ආරක්ෂාව සම්පූර්ණයෙන්ම විනාශ කර තිබෙන බවත් 88, 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය කාලයේ මෙන් දවසින් දවස වෙඩි තැබීම් ගණන හා මිය යන පුද්ගලයන් ගණන ප්රවෘත්තිවල යාවත් කාලීන කරමින් පෙන්වන තැනට රට පත්ව ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් මේ අදහස් පළ කළ මහ ලේකම්වරයා මෙසේද කීය.”රටේ ජාතික ආරක්ෂාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය මේ රටේ ක්‍රියාත්මක වෙච්ච කාලයටත් වැඩිය දරුණු තත්ත්වයකට සහ 88, 89 කාලයේ ජනතා විමුක්ති පෙරමුණේ භීෂණය කාලයේ තිබුණු තත්ත්වයට ගමන් කරන බව මේ වන විට පේන්න තිබෙනවා. අපි දකිනවා මිනිස්සුන්ව උසාවි, පොලිසි ඉදිරිපිට ගෙවල් ඇතුළේ, වෙඩි තියලා ඝාතනය කරනවා.ඒ අතරේ මේ ඝාතන ඉතාම සාමාන්‍ය දෙයක් බව කීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටිනවා. ඝාතනය වන පුද්ගලයන් මත්ද්‍රව්‍යවලට, පාතාලයට සම්බන්ධ අය කියලා මේ ඝාතන රැල්ලෙන් බේරෙන්න ආණ්ඩුව හදන්නේ.මේ තත්ත්වය යටතේ මෙය හිතාමතාම මේ රටේ ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වෙන්න ඉඩ ඇරලා ආණ්ඩුව ඒ මතින් තමන්ගේ නොහැකියාව යටපත් කරගෙන, තමන්ගේ නොහැකියාවට විරුද්ධව එන දේශපාලන බලවේග මැඬලන්න, දේශපාලන නායකයන් මැඬලන්න උත්සාහ දරනවා”