hotline

බොරැල්ලේ මාර්ගයක ගිලා බැසීමක්

බොරැල්ල – කොළඹ පාර ටිකල් හන්දිය ප්‍රදේශයෙන් ගිලාබැසීමකට ලක්ව තිබෙන බව පොලිසිය පවසයි. කොළඹ දෙසට ගමන්කිරිමේ මංතීරුවේ රථවාහන ධාවනයට බාධා එල්ලවි ඇත. කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිතා කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලීමක් කරයි. මොඩල්ෆාම් හන්දිය හරහා කොළඹට ඇතුළු වන වාහන …

vinivida

සබරගමුව මහ සමන් දේවාලයේ නව බස්නායක නිලමේ ලෙස හිෂාන් සංඛ මාපිටිගම පත්වෙයි

ඓතිහාසික සබරගමුව මහ සමන් දේවාලයේ ඉදිරි වසර පහ සඳහා නව බස්නායක නිලමේවරයා ලෙස හිෂාන් සංඛ මාපිටිගම මහතා ඊයේ දින (20) තේරී පත් විය. නව බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වූ ඡන්ද විමසීම, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්. ගාමිණී සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී …

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් සීමා කරයි

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පුරප්පාඩු තනතුරු සියල්ල සඳහා නවක නිලධාරීන් බඳවා ගැනීම සීමාකර ඇති බැවින්, විදේශීය නිවාඩු අනුමත කිරීම නැවත දැනුම් දෙනතුරු තාවකාලිකව නතර කිරීමට සිදුවන බවට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය නිවාඩු …

සූදු නියාමන අධිකාරියේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත කරයි

සූදු නියාමන අධිකාරිය පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත කරනලදි. මෙහිදී ශ්‍රී ලංකාව තුළ ඔට්ටු ඇල්ලීම සහ සූදු අ‍ායතන ප්‍රමිතිකරණය කිරීමට, සමාජ හානි අවම කිරීමට, සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට හා ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පුළුල් හෝ පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන …

strick

තවත් වැඩ වර්ජනයක්

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් අද (20) වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කර තිබෙන බවයි වාර්තා වෙයි …

පොහොර සහනාධාරයට Smart ක්‍රමවේදයක්

රජය මඟින් ගොවීන් වෙත පොහොර සහනාධාර ලබාදීම වඩාත් විධිමත්ව සහ කාර්යක්ෂව සිදුකිරීම සඳහා QR කේතය හෝ සුදුසු ඩිජිටල් ක්‍රමවේදයක් යොදාගැනීමේ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ගොවි ජනතාවට මෙම සහනාධාරය නිසි වේලාවට ලැබෙන බවත්, එම මූල්‍යම ආධාරය සම්පූර්ණ වශයෙන් පොහොර අවශ්‍යතාව සඳහාම යොදා ගන්නා බවත් …

බිල් ගේට්ස් සිය ධනස්කන්ධය පරිත්‍යාග කිරීමට සැරසෙයි

සුප්‍රකට මයික්‍රොසොෆ්ට් සමාගමේ නිර්මාතෘ බිල් ගේට්ස් යනු ලෝකයේ ධනවත්ම පුද්ගලයන් පිළිබඳ ලැයිස්තුවේ ඉහළින්ම සිටින කෙනෙකු බව රහසක් නොවෙයි. ඇමෙරිකානු ධන කුවේරයකු වන ගේට්ස් ගැන අපූරු පුවතක් පසුගිය දිනවල විදෙස් මාධ්‍ය තුළ පළ වුණා. එයින් කියැවුණේ ඔහු ඉදිරි කාලයේ ඔහුගේ මහා ධනස්කන්ධයෙන් සියයට 99 ක්ම සමාජ සේවා කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කිරීමට සූදානම් වන බව යි. ඉදිරි වසර 20 තුළ ඔහු මේ ආකාරයෙන් සිය ධනය පරිත්‍යාග කිරීමට බලාපොරොත්තු වන බවයි සඳහන් වන්නේ. බිල් ගේට්ස් මෙම පරිත්‍යාගය කිරීමට යන්නේ ඔහු සහ ඔහුගේ කලින් බිරිඳ වූ මෙලින්ඩා ගේට්ස් විසින් …

urumayaka asiriya

අපේ කළු කුමාරයා කළු යකා සහ අපේ නොවන ඉන්කියුබස්

කළු කුමාරයා යන නම නො ඇසූ ශ්‍රී ලාංකිකයකු වේ නම් ඒ ඉතා කලාතුරකින් විය යුතු ය. සමාජ සම්මතය අනුව කළු කුමාරයා යනු පුරුෂ පක්ෂය අතහැර කාන්තා පක්ෂයට පමණක් ලිංගික බලපෑම් එල්ල කරන කළු පැහැති එහෙත්,කඩවසම් රූපයකින් යුතු අමනුෂ්‍යයෙකි. විශේෂයෙන් හුදකලාවේ වෙසෙන තරුණියන් ගේ හා මැදි වියේ කතුන්ගේ යහන් වෙත රාත්‍රී …

ethera-methra

vinivida

සැබෑ චරිතවල හැසිරීම් විකෘති කරන Deepfake වලට ඩෙන්මාර්කයෙන් තහංචියක්

දේශපාලනඥයින්, නළු නිළියන්, ගායක ගායිකාවන් වැනි ජනප්‍රිය පුද්ගලයින් විසින් සිදුකරනු ලබන, ඇතැම්විට විශ්වාස කළ නොහැකි ආකාරයේ ක්‍රියාවන් සම්බන්ධ වීඩියෝ දර්ශන මෑතක සිට සමාජ මාධ්‍ය තුළ නිතර දක්නට ලැබීම සුලබ දෙයක් බවට පත්ව තිබේ. ඉතා හොඳින් බැලූ විට ඒවා යම්කිසි තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ නිර්මාණය කළ ඒවා බව පෙනුන ද ඇතැම් ඒවා එසේ හඳුනා ගැනීමට පවා දුෂ්කර තත්ත්වයක පවතී. ඒ අතරේ පරිගණක ඇසුරින් සකස් කරන ලද ව්‍යාජ වීඩියෝ දර්ශන …

අභ්‍යවකාශයේ සිට ආ අපූරු ඉන්දියානුවා

ශුභාංශු ෂුක්ලා යනු මේ දිනවල ඉන්දියානුවන්ගේ වීරයෙකු බවට පත්ව සිටින්නෙකි. එයට හේතු වූයේ මෙයට ටික දිනකට පෙර ඔහු ගිය අභ්‍යවකාශ ගමනකි. කි.මී. 400 ක් පමණ ඉහළ අභ්‍යවකාශයේ පෘථිවිය වටා ගමන් කරමින් තිබෙන ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය නැමැති අභ්‍යවකාශ විද්‍යාගාරයට ගිය පළමු ඉන්දියානුවා ලෙස ඔහු ඉතිහාසගත විය. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු ඇමරිකාවේ නාසා ආයතනය, රුසියාවේ රොස්කොස්මොස් අභ්‍යවකාශ ආයතනය ඇතුළු ආයතන කිහිපයක් විසින් පවත්වාගෙන යනු ලබන විද්‍යාගාරයකි. ලෝකයේ විවිධ රටවල …

vinivida

රොඩ්නි වර්ණකුල ගෙන් අහිංසක මැසිවිල්ලක්

ජනප්‍රිය සේම ප්‍රවීණ වේදිකා, රූපවාහිනී සහ සිනමා නළු රොඩ්නි වර්ණකුල ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුත්තෙක් නොවේ. එහෙත්, බොහෝ දෙනාගේ ආදරයට ලක් වූ කලාකරුවකු වන ඔහු පසුගිය දිනයක තම මුහුණු පොතට එක් කොට තිබූ ප්‍රකාශයකින් පැවසෙනුයේ ඔවුන් කලා වශයෙන් ජන සමාජයෙන් ලබන ආදරය ගැන දෙවරක් සිතා බැලිය යුතු බවකි. එම ප්‍රකාශය ඔහුගේම වදන් වලින් පැවසුණු අන්දම මෙලෙසිනි. “මාසයක් ඇතුළත එකම වගේ සිද්ධි දෙක තුනක් සිද්ධ වෙච්ච නිසා මට …

vinivida

මොකක්ද මේ “අහෝ දුකකි-පිරමිඩ උගුලකි”කතාව?

‘අහෝ දුකකි – පිරමිඩ උගුලකි’ ඉහතින් දැක්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව විසින් 2025 ජූලි 14 වන දින සිට ජූලි 18 වන දින දක්වා තහනම් පිරමිඩ යෝජනා ක්‍රම ව්‍යාප්තියට එරෙහි ව ජාතික වශයෙන් දැනුවත් කිරීමේ සතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද තේමා පාඨයයි. විවිධ පිරමිඩ යෝජනා ක්‍රමවල ඇති අනතුරුදායක බව පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මේ සතිය පුරා සිදු කිරීමට මහ බැංකුව අපේක්ෂා කරයි. ශ්‍රී ලංකාව …

බොහෝ හෘද රෝගින්ට ඇස්ප්‍රීන් ලබාදෙන්නේ ඇයි? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

වර්තමානයේ බොහෝ දෙනෙකු තමන්ගේ තරුණවිය ඉක්මවා වැඩිහිටි වියට පැමිණෙන විට ඔවුන්ගේ පවුලේ වෛද්‍යවරුන් විසින් ඇස්ප්‍රීන් පෙත්තක් නිර්දේශ කරන අයුරු ඔබ දැක ඇත. මෙය සාමාන්‍ය වේදනාවකට හෝ උණ සෑදුණ විට ලබා දෙන ඇස්ප්‍රින් පෙත්තකින් (මිලිග්‍රෑම් 325) භාගයක් හෝ කාලක් විය හැකිය. (මිලිග්‍රෑම් 75, 100 හෝ 150) දිනපතා මෙසේ ඇස්ප්‍රීන් පෙත්තක් ගැනීමෙන් හෘදයාබාධයක් හෝ අංශභාග තත්ත්වයක් ඇති වීමේ අවදානම අඩු වේ. එහෙත් …

vinivida

මානසික ව්‍යාකූල තත්වයන් නිසා හෘද රෝග ඇතිවේද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

ලෝකයේ වැඩිම මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ කිරීටක ධමනි අවහිරතාවය නිසා ඇතිවන හෘදයාබාධ හේතුවෙන් බව අපි දනිමු. මෙය තරුණයින් අතර දැකිය හැකි අකල් මරණ වලට වැඩි වශයෙන්ම හේතුවන සාධකය ද වෙයි. සාමාන්‍යයෙන් හෘද රෝග සෑදීමට බලපාන අප දන්නා සම්ප්‍රදායික හේතූන් වලට අමතරව, පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයද හෘද රෝග ඇතිවීමට හේතු වන බව ඔබ දැන සිටියාද? මානසික රෝග, හිතේ ඇතිවන හැඟීම් සහ එක් එක් …

vinividasayanaya

උපත් පාලනය කරන අතරතුරදී දරු ගැබක් හටගත්තොත් මොකද වෙන්නේ ? – ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ

උපත් පාලන ක්‍රම අනුගමනය කරන අතරේ සමහර කාන්තාවන් කලාතුරකින් ගැබ් ගන්නා අවස්ථා ඇත. බොහෝ දෙනෙකුට තිබෙන ගැටලුවක් වන්නේ මෙවැනි අවස්ථාවක අනපේක්ෂිතව සිදුවන ගැබ් ගැනීමකදී උපදින දරුවා ආබාධිතයකු වේද යන්නයි. මේ නිසාම ඇතැම් මවුවරුන් මෙලෙස හටගන්නා දරු ගැබ් ගබ්සා කරගැනීමට පෙළඹෙන බව පෙනේ. උපත් පාලන ක්‍රම අතර තිබෙන ඉතාම ජනප්‍රිය ක්‍රම දෙකක් වන්නේ එන්නත සහ ගිලින පෙති ය. මේ දෙවර්ගයේම අඩංගු වන්නේ හෝමෝන වේ. මේ හෝමෝන දරුවාගේ සිරුරේ ද තිබෙන නිසා එම පෙති හෝ එන්නත ලබාගන්නා …

wall-logo

katha wal

සුසුම් දැලින් සංවේදී කවි ගෙත්තම් කරන සඳුන්

තම ජීවිතයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම පිණිස වන ආර්ථික ශක්තියක් නොමැති වීම හෙවත් දිළිඳු බව එම වදන භාවිතා නොවුණ ද “ගෝලීය වසංගත මට්ටමක් තෙක්” ව්‍යාප්තව පවතින්නකි.අප සමාජය අතුරින් වුව දිළිඳුකම …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

අප රටේ නිර්මාංශාහාරික ඉස්ලාමිකයනුත් හිඳින බව දන්නවාද?

සත්ත්ව අවිහිංසාව පිළිබඳ කතා කරද්දී නිර්මාංශ ආහාර පුරුදු පිළිබඳ කතා නොකරම බැරිය. ලෝකයේ විවිධ ජන කොට්ඨාශ ගතහොත් ඇතැමුන් ආගමික හා සංස්කෘතික වශයෙන් මස් මාංශ පරිභෝජනයට අඩු වැඩි වශයෙන් යොමු වී ඇති බව පෙනෙන්නට තිබේ. මෙහි දී ඇතැම් ජන කොට්ඨාශ සහමුලින්ම මස් මාංශ පරිභෝජනයෙන් වැළකී සිටින ආකාරයත් දකින්නට ලැබේ. හින්දු භක්තිකයන් අතර ඇතැම් කොටස් නිර්මාංශ ආහාර …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ

අලි මිනිස් ගැටුම සංසිඳවන මනුසත්දම් වැඩ සටහනක් 05 වනදා ගල්ගමුවේ මේ වන විට විවෘත සමාජ කතිකාවකට ලක්ව ඇති අලි මිනිස් ගැටුම මනුසත්දම් පිබිදුවීම මගින් සංසිඳුවීම …

/ හරිත දනව්ව

දුෂ්කර වුවත් පාරිසරික අගයෙන් අනූන උඩ මාලිබොඩ සිරිපා මාර්ගය

සෑම අවුරුද්දකම දෙසැම්බරයේ  උඳුවප් පසළොස්වක පෝය දිනයෙන් පසු සිරිපා වන්දනා සමය ආරම්භ වෙනවා. සිරිපා වන්දනාව සඳහා බොහෝ දෙනෙක්  තෝරාගන්නා ජනප්‍රියම  මාර්ගය හැටන් නල්ලතන්නි මාර්ගයයි. වෙනත් …

/ හරිත දනව්ව

rasagagula

60 වැනි උපන් දිනය දා ආමීර් හඳුන්වා දුන් අලූත් පෙම්වතිය

පේ‍්‍රම කිරීමට වයස බාධාවක් නොවන බව සනාථ කරමින් බොලිවුඩයේ සුපිරි නළු ආමීර් ඛාන් වයස අවුරුදු 60 දී ආදර සම්බන්ධයක් පටන්ගෙන තිබේ. ඔහු මෙයට පෙර දෙවරක් විවාහ වී සිටි තිදරු පියෙකු …

/ රසගඟුල
vinivida

ඉන්දියානු සිනමාවේ වැඩිම ආදායම් ලබන නළු නිළියෝ

ඉන්දියානු සිනමාව අද ඉන්දියාව තුළ පමණක් නොව ලෝකයේම ඉතා ජනපි‍්‍රය සිනමාවක් බව රහසක් නොවෙයි. මේ නිසා ලෝකය පුරා ප‍්‍රදර්ශණයෙන් විශාල වශයෙන් ආදායම් උපයන්නට ඉන්දියානු චිත‍්‍රපටවලට හැකි වී තිබෙනවා. මේ නිසාම …

/ රසගඟුල

ඡායාරූප, සම්මාන සහ මනුස්සකම

කුසගින්නේ මිරිකෙමින් සිටින කුඩා දැරියක සහ ඇය කුසගින්නේ මිය ගිය පසු ඇගේ සිරුර අනුභව කරන්නට බලා සිටින ගිජුළිහිණියක සිටින ඡායාරූපයක් 1990 ගණන්වල ලොව පුරා ඉතා වේගයෙන් පැතිර ගියේ ය. එම ඡායාරූපය ගනු ලැබුවේ 1993/94 සමයේ සුඩානයේ පැවති දරුණු සාගතයේ දී දකුණු ඇමරිකානු පුවත්පත් ඡායාරූප ශිල්පියකු වූ කෙවින් කාටර් විසින් වූ …

/ පහන් ටැඹ
aparada vinivida

අපරාධකරුවකු වීමේ මනෝමූලය ළමා වියේදීම මනසේ තැන්පත් වන බව දන්නවාද?

මෑත දින කිහිපය තුළ අපේ කණ වැකුණු, අප රටේ නිතර කතා බහට ලක්වූ දෙයක් ලෙස අපරාධ සහ අපරාධකරුවන් සඳහන් කළ හැකිය. මෙවැනි පුද්ගලයන් විසින් සිදු කළ අපරාධ, එයින් සමාජයට ඇති වන බලපෑම, මොවුන්ට දිය යුතු දඬුවම්, සමාජයෙන් අපරාධ දුරලන්නේ කෙසේද වැනි කාරණා පිළිබඳ කතා බහ කළ ද මේ සම්බන්ධව මනෝවිද්‍යාත්මක …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

හිටපු අගමැති ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයේ නිවසකම යළි ඉපදිලා ?

කිසියම් පුද්ගලයෙකු මෝහනයට පත් කොට ඒ තැනැත්තාගේ ඉහත ආත්මය දැනගත හැකිය යන විශ්වාසයක් අනූව දශකයේ අගභාගයේ ජන සමාජය පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබිණි. ඊට හේතුව එවක රූපවාහිනී නාලිකාවල බෞද්ධ වැඩ සටහන් මඟින් මෝහන පුනරුප්පත්ති වැඩසටහන්වලට ලබා දී තිබූ අසීමාන්තික ජනප්‍රිය භාවයයි. කිසිදු සම්මත වෘත්තීය භාවයක් නොමැති වුව ද මෝහන වෛද්‍යවරුන්, …

රන් බඩු එහා මෙහා කරන කැම පිළුණු කරන පෙරේතයා

තම නිවසට ප්‍රේත දෝෂයක් එල්ල වී ඇතැයි බියට පත්ව සිටින කඩවතට ආසන්න ස්වර්ණාභරණ කර්මාන්තය හා ප්‍රසිද්ධ ප්‍රදේශයක ව්‍යාපාරික පවුලක් ගැන මීට වසරකට පමණ පෙර මට අසන්නට ලැබුණි.ඒ එම පවුලේ හිතවතකු ගෙනි.එම පවුල පත්ව හිඳින තත්ත්වය විමසා බලා ඔවුන්ට යම් උපකාරයක් කළ හැකි නම් එය මහත් අස්වැසිල්ලක් විය හැකි බව ද …

error: Content is protected !!