ඔන්න අදත් වහිනවාලු

අද(16) දිනය තුළ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම නිවේදනයට අනුව නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර …

/ කාලීන පුවත්

විකල්ප මාර්ග නැහැ – ප්‍රධාන මාර්ගයක් මීදුමෙන් වැසීයයි

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් උඩදුම්බර පොලිස් වසමේ හුන්නස්ගිරිය ප්‍රදේශයේ සිට ගුරුළුපොත දක්වා ගමන් ගන්නා ප්‍රධාන මාර්ගය මීදුමෙන් වැසී ඇති බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. මෙම මාර්ගයේ මීදුම නිසා රථවාහන පැහැදිලිව නොපෙනෙන තත්ත්වයක් පවතින බවද පොලීසිය පවසයි. වංගු සහ බෑවුම් සහිත මෙම මාර්ගයට විකල්ප මාර්ග නොමැති …

/ කාලීන පුවත්

අස්වැසුමට අයැදුම්පත් අද(15) සිට

අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම අද (15) සිට මාර්තු 15 වනදා දක්වා සිදු කෙරෙන බවත් සුදුසුකම් ලබන සියලු දෙනාට අස්වැසුම ප්‍රතිලාභ කිසිදු බලපෑමකින් තොරව හිමිවන බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසීය. අස්වැසුම පළමු අදියර සඳහා අයදුම්පත් යොමු කර නොමැති පවුල් …

/ කාලීන පුවත්

රේගුව අකුරට වැඩ

රේගු වෘත්තීය සමිති සන්ධානය අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රේගු වෘත්තීය සමිති සන්ධානය මෙම තීරණය ගෙන ඇත. ඔවුන් පවසන්නේ අද පෙරවරු 9 සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කළ බවයි …

/ කාලීන පුවත්

තෙවන පාසල් වාරය හෙටින් නිමයි

රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරය 16 වන සිකුරාදා(හෙට) දින අවසන් වන බවට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ.එම නිවේදනයට අනුව 2024 නව පළමු පාසල් වාරයේ පළමු අදියර පෙබරවාරි මස 19 වන සඳුදා ආරම්භ වීමට නියමිතය …

/ කාලීන පුවත්

විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණ සමරුව හෙට

දිවංගත විජය කුමාරතුංගයන්ගේ 36 වැනි ගුණානුස්මරණ උලෙළ හෙට (16) සවස 2.00 සිට කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇති බව ජාතික මහජන සහෘද සංසදයේ නියෝජිත මාදම්පාගම අස්සජි හිමියෝ පැවසූහ.නවම් විරු සැමරුම ලෙස මේ සැමරුම නම් කරමින් දිවංගත විජය කුමාරතුංගයන් ප්‍රධාන,පොහොද්දරමුල්ලේ පේමාලෝක නායක …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

උදාවන හෙට දිනයේ පිරිමියා අබිබවා කාන්තාව ඉදිරියට ?

වර්තමානය වන විට සෑම ක්ෂේත්‍රයකම පාහේ කාන්තාවන්ගේ දායකත්වය ඉතා ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. 21 වැනි සියවස කාන්තාවන්ට අයත් බැව් සහ ඔවුන් සම අයිනින් ඉල්ලා සිටින බැව් මෑතක දී ඇඹිලිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවති සබරගමු ප්‍රාථමික ක්‍රීඩා උත්සවය අමතමින් සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක ද පවසන්නට ඇත්තේ මේ ප්‍රවණතාව පිළිබඳ යම්කිසි දැනුම්වත් භාවයකින් සිටින නිසා විය හැකිය. එමෙන්ම 2024 වසරේ මාර්තු 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ ද ‘ආර්ථික සවි බල ගැන්වීම හරහා ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වේගවත් කිරීම’ යන්නය …

urumayaka asiriya

දරුවන්ගේ බත් කැවීමේ මඟුලට ඉඳුල් කටගෑම ලෙස නිගරු කරන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

වර්තමාන සමාජය නවීන සිතුම් පැතුම් වලින් පොහොසත් යැයි බොහෝ දෙනකු සිතති.එහෙත් එය පූර්ණ සත්‍යයක් නොවේ.අපේ සමාජයේ බොහෝ දෙනෙක් තාමත් අන්ධානුකරණයෙන් ගතානුගතික බවේ එල්බ ගෙන සිටිති.මේ ඒ සඳහා වන කෙටි නිදසුනකි. සුබ නැකැත් සාදවා ගැනීමට ජ්‍යොතීර්වේදීන් වෙතට පැමිණෙන පිරිස් අතරින් තරුණ සහ මැදිවියේ අඹු සැමියන් සැලකිය යුතු පිරිසක් පැමිණෙනුයේ තම බිළිඳු …

cartoonlogo

No posts found.

ethera-methra

අපේ ඇතැම් විද්වතුන් නොදන්නා මුත් ඉන්දීය වීදි දරුවන් පවා දන්නා මෝසම් වැස්ස

මෑත දිනයෙක ඉන්දියාවේ සංචාරය කළ අපේ විද්වත් හිතවතෙක් ඔහුගේ හිතවත් ඉන්දීය ජාතිකයකු ද සමඟ නව දිල්ලි දුම්රිය පළෙන් ඔබ්බෙහි වූ පහාර්ගන්ජි නම් ප්‍රදෙශයේ රැඳී සිටින විට ඒ අවට සුලබව දක්නට ලැබෙන වීදි දරුවන් රොත්තක් ඔවුන් හමුවට පැමිණ හඬා වැටෙමින් සිඟමන් යදින්නට පටන් ගෙන ඇත. ඔවුන් ගේ ඒ ශෝකී අඳෝනා හඬට කන් දී සිටි හින්දි භාෂාව නොදැන සිටි අපගේ විද්වත් හිතවතා එම වීදි දරුවන් හඬා වැටෙනුයේ කුමක් කියමින් …

අපේ සංස්කෘතික පසුබිම නොතකා ලිංගික අධ්‍යාපනය පන්තියට ගේන්න පුළුවන්ද?

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනය සඳහා නොනිඳන රාත්‍රී සංකල්පය,ගණිකා ව්‍යාපාරය,කැසිනෝ ඇතුළු දූ කෙලි සංස්කෘතික ප්‍රවර්ධනය සේම ගංජා අපනයනය ප්‍රවර්ධනය කළ යුතු බවට නැවත නැවතත් හඬ නඟන සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් දිගින් දිගටම කරන්නා වූ එවන් ආන්දෝලනාත්මක ප්‍රකාශ අතර මෑතක දී පැවසූ දෙයක් වන්නේ අප රටේ අධ්‍යාපනය තුළට ද ලිංගික අධ්‍යාපනය ඇතුළත් කළ යුතු ය යන්න ය.ඩයනා ගමගේ ගේ කතා පැත්තකට දැමූ විට ද මෙය පසුගිය කාලය …

පාත්‍රය යොදා ගෙන පිණ්ඩපාතයෙන් මුදල් එකතු කරන්න භික්ෂූන්ට පුළුවන් ද? – කදුරුපොකුණේ සුමංගල හිමි

මිහින්තලා රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන නා හිමි පසුගිය දිනයෙක මාධ්‍ය වෙත සමස්ත බෞද්ධ සමාජයේම අති මහත් ආන්දෝලනයට ලක් විය යුතු ප්‍රකාශයක් කොට තිබිණ.එනම් මිහින්තලයේ ආලෝක පූජාවට විදුලිය දීමට ආණ්ඩුවට නොහැකි වීම මත ජනතාවගෙන් රුපියල් ලක්ෂ 60ක් ඉල්ලූ බවත් නමුත් ජනතාව එක්ව කෝටියක මුදලක් ඒ වන විට ලබා දී ඇති බවත් ය. රජය මෙවර මිහින්තලා පොසොන් ආලෝක පූජාව නොසලකා හැරියත් ජනතාවගෙන් ලද සහයෝගයෙන් ආලෝක පූජාව සාර්ථක කරගැනීමට හැකි …

රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමට මැති ඇමතිවරුන් පෙළඹෙන්නේ ඇයි?

අමාත්‍යාංශ ලේකම්වරුන් ද ඇතුළු ඇතැම් රාජ්‍ය නිලධාරීන් මැති ඇමතිවරුන් ගණන් නොගන්නා බවට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ඉකුත්දා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කර ඇති බවක්.පසුගියදා පළ වී තිබූ පුවත්පත් වාර්තාවක සඳහන් විය. ඇතැම් අමාත්‍යංශවල ලේකම්වරුන් මෙන්ම සංස්ථා සභාපතිවරුන් ද මැති ඇමැතිවරුන්ගේ දුරකතන ඇමතුමකට පවා පිළිතුරු නොදෙන බව පවසා ඇති නියෝජ්‍ය කතානායකවරයා ඔවුන් මැති ඇමතිවරුන්ගේ දුරකතන ඇමතුම්වලට නිසි ගෞරවයක් හෝ සැලකිල්ලක් නොදක්වන …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

මත්පැන් බොන අයට වගේම නොබොන අයටත් වැළඳිය හැකි සිරෝසිස්

කාර්යබහුල ජීවිතයක් ගත කරන අපට තුන්වේලම නිවසේ රසට ගුණට පිසගත් ආහාර අනුභව කරන්නට ලැබෙන අවස්ථා අඩු වීමට පුළුවන. අපේ ශරීරයට කරදරයක් අපහසුවක් නොදැනෙන තාක් කල් පිටින් ගන්නා කෑම බීම ගැන අප රසය මිස ගුණය ගැන සොයන්නේද නැත. නමුත් ඒ අපට දැනෙන අන්දම ය. අපේ උදරයේ ස්කෑන් පරීක්ෂණයක් කර බැලුවහොත් අපට නොදැනෙන දේවල් ස්කෑන් යන්ත්‍රයට දැනී තිබෙන අන්දම එම වාර්තා මගින් මනාව වටහා ගත හැකි වනු ඇත. එම ස්කෑන් පරීක්ෂණ වාර්තා මගින් ” ඔබේ අක්මාවේ තෙල් …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

පැරසෙටමෝල් විස වීමේ සිට බළලුන් ගැන නොදත් කතා

සුරතලයට බළලුන් ඇති කරන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් තියනවා.අපි මේ කතාව ඉන් ප්‍රධාන කරුණකින්ම පටන් ගනිමු.පැරසෙටමෝල් සහ ඇස්ප්‍රින් අඩංගු ඖෂධ බළලුන්ට ඉතාමත් විෂ සහිතයි. එවැනි ඖෂධ දීමෙන් බළලුන් මිය යාමට බොහෝ ඉඩකඩක් පවතිනවා.සුනඛයන්ට තරම් බළලුන්ට මැක්කන් බෝවන්නේ නෑ. නමුත් ඉඳහිට බළලුන්ගේ සිරුරේ විශේෂයෙන් කන් අයිනේ මෙවැනි සතුන් දැකිය හැකියි. නමුත් සුනඛයන්ට මැක්කන් සඳහා යොදන …

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

vinivida

බලංගොඩ මානවයාගේ ඥාතීන් විසූ කිතුල්ගල බෙලිගල්ලෙන

මීට අවුරුදු හතළිස් දහසක පමණ කාලයේ අපේ රටේ ජීවත් වී තිබූ බලංගොඩ මානවයා ලොව පැරණිතම නූතන මානවයා හෙවත් හෝමෝසේපියන් ලෙස සැලකෙනවා. ඒ අනුව බලංගොඩ මානවයා …

/ හරිත දනව්ව

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව

rasagagula

සියල්ල කරදරයක් වූ යුගයක “කතුරු මිතුරු”ට හිමි තැන

වින්දනය සහ විනෝදය දෙකක් ලෙස අපි කලා විචාරයේදී හඳුනා ගනිමු. වින්දනය තියුණු ය. විනෝදය සරල ය. මේ දෙකටම එකසේ ප්‍රිය කරන සහෘදයෝ සිටිති. එසේම කලා නිර්මාණයකින් වින්දනය පමණක් අපේක්ෂා කරන …

/ රසගඟුල

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!