අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් තීරණයක්

ජනවාරි මස පළමු වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවරුන්, දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් 54 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් අදාළ ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව වාර්තා වේ. කඩුවෙල, පූගොඩ, මාරවිල, කළුතර, මාතලේ, ඇල්පිටිය, මොණරාගල, පුත්තලම, කිලිනොච්චිය …

/ කාලීන පුවත්

ඔහිය අනවසර ඉදිකිරීම් තහනම් කරයි

බොරලන්ද සිට හෝර්ටන්තැන්න දක්වා ඔහිය ප්‍රදේශයේ සිදු කෙරෙන අනවසර ඉදිකිරීම් නැවැත්වීමට වහාම පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට දැනුම් දුන්නේය. ඔහිය ප්‍රදේශයේ සිදුකර තිබෙන ඉදිකිරීම් නිසා ඒ ආශ්‍රිතව දැඩි පරිසර විනාශයක් සිදුව ඇති බව තමාට නිරික්ෂණය වූ බව පැවසූ ජනාධිපතිවරයා එම තත්ත්වය …

/ කාලීන පුවත්

බැසිල් රාජපක්ෂ පරම්පරාවේ කීර්තිය වනසන බව ඉන්දියානු දෛවඥයකු කියා තිබෙනවා

බැසිල් රාජපක්ෂ පරම්පරාවේ කීර්තිය වනසන බව ඉන්දියානු දෛවඥයකු කියා තිබෙනවා තමන් 2001 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ද සමඟ ඉන්දියාවේ දෛවඥයකු ගෙන් මහින්ද රාජපක්ෂ මහතා ගේ ජන්ම පත්‍රය පරීක්ෂා කර වූ අවස්ථාවේ ඔහු කේන්දරය බලලා කිව්වා ඔබතුමාගේ පවුලේ රාජපක්ෂ කෙනෙක්ම ඇවිත් පරම්පරාවෙම කීර්තිය වනසනවා කියා කී …

/ කාලීන පුවත්

කිරළව පාලම වහයි

පුබ්බෝගම කිරළව පාලම ගිලා බැසීමේ අවධානම හේතුවෙන් එම පාලම මතින් සිදු කෙරෙන සියලු ගමනාගමන කටයුතු අද තාවකාලිකව අත් හිටුවීමට මාර්ග සංවර්ධන අධීකාරිය පියවර ගෙන තිබේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මරදන්කඩවල විධායක ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන් පැමිණ එම පාලමේ තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් පසුව එම තීරණය ගෙන තිබේ. දඹුළු …

/ කාලීන පුවත්

ලබන අප්‍රියෙල් තෙක් බිත්තර ආනයනයට අවසර

කුකුළු ගොවිපල හිමියන් හිතාමතා බිත්තර මිල ඉහළ දැමීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා ලබන වසරේ අප්‍රේල් බිත්තර ආනයනය කිරීමට තීරණය කළ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.බිත්තර නිෂ්පාදකයින් සහ බේකරි හිමියන් පසුගියදා වෙළෙද අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සමග බිත්තර මිල සම්බන්ධයෙන් සාකච්ඡාවක් සිදු කළ අතර …

/ කාලීන පුවත්

බැසිල් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව කීම “රහස් ගේමක්”

බැසිල් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව කීම “රහස් ගේමක්” ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා එහි ජාතික සංවිධායක ධුරයෙන් ඉවත් වූ බව පැවසීම උපක්‍රමශීලී පියවරක් හෙවත් “රහස් ගේමක්” බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.ඔහු වැඩි දුරටත් පවසනුයේ …

/ කාලීන පුවත්

arumasi-puwath

vinivida.lk

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්

ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

pani

ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අද්දරින් ඇරඹුණු මුල්ම සත්ව අහිංසා වැඩ සටහන;ආරක්ෂාකාරී සර්ප දමනය

පාදෙණිය ඔස්සේ අනුරාධපුර තෙක් වැටී ඇති රාජධානී පිවිසුම ප්‍රධාන මාර්ගය අද්දර ගල්ගමුවේ සෙනරත්ගම පූලංචිය වැව අද්දර ගිමන් හල පාරිසරික උද්‍යානයේ අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සහ සුබ සාධක සංවිධානය මඟින් ස්ථාපිත කොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අද්දර පැවැත්වූ සත්ව අහිංසාව තේමා කර ගත් ප්‍රථම වැඩ සටහන ඊයේ(26) එම පරිශ්‍රයේ දී පවත්වන ලදී.නිවෙස් වලට පැමිණෙන විස සහිත සර්පයන් ආරක්ෂාකාරී ලෙස ඉවත් කිරීම සම්බන්ධ ප්‍රායෝගික නිරූපණයන් …

daru

වසර 30 ක් පැරණි කළල දෙකකින් ආසාමාන්‍ය නිවුන් දරු උපතක් : ලෝක වාර්තාවක්

අපූරු ලෝක වාර්තාවක් පිහිටු වූ නිවුන් දරුවන් දෙදෙනකු පසුගිය දිනවල ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රධාන පුවත් මවන්නන් බවට පත්ව තිබිණි. මෙයට දින කිහිපයකට පෙර මෙලොව එළිය දුටු ඔවුන් මෙම ලෝක වාර්තාව පිහිටුවා තිබුණේ වසර 30 ක් පැරණි කළල දෙකකින් උපත ලබා තිබීම හේතුවෙනි. සාමාන්‍යයෙන් දරුවකු බිහිවන්නේ කළලය ඇති වී මාස නවයක දහයක පමණ කාලයකට පසුව බව රහසක් නොවේ. මෙම දරු උපත මෙකල කෙමෙන් ජනප්‍රිය වෙමින් ඇති තාක්‍ෂණයක් ඇසුරෙන් …

මතක බණ ගෙවල් “ඇට් හෝම්” ගෙවල් වෙන්නේ කොහොමද?

පසුගිය දිනයෙක අගනුවරට ආසන්න උප නගරයක පිහිටි මගේ හිතවතකුගේ නිවසේ පැවැත්වූ ‘මතක බණ’ පින්කමකට සම්බන්ධ වීමට මට අවකාශ ලැබිණ. රාත්‍රී හතට ආරම්භ වූ එම ධර්ම දේශනය පැයක පමණ කාලයක් පැවැතුණි.නමුදු ඒ වන විට ධර්ම ශ්‍රවණය පිණිස එම පවුලේ සාමාජිකයන් සහ සමීපතමයන් හැරුණු කොට එක් රොක්ව සිටියේ තවත් විස්සක් විසි පහක පමණ පිරිසකි. සාමාන්‍යයෙන් යමකු ගෙන් මෙවන් පින්කමක් සඳහා සහභාගී වන ලෙස ඇරැයුමක් ලද හොත් ඒ අනුව එම …

ice0

හදිසි දිවි නසා ගැනීම් වලට මුල් වන “අයිස්” මත් ද්‍රව්‍ය ගැන දැන ගනිමු

අගනුවර සහ වෙනත් නාගරික ප්‍රදේශ කිහිපයක පසුගිය කාලයේ සිදු වූ තරුණයන් ගේ හදිසි දිවි නසා ගැනීම් පිළිබඳ සිදු කෙරුණු විමර්ශන වලදී ඒ හා සම්බන්ධ පොදු සාධකයක් ඉස්මතු වී තිබේ. එනම් ඒ තරුණයන් ‘අයිස්’ නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහිව සිටියවුන් බව ය. දිවි නසා ගැනීම් යනු කෙසේවත් සාධාරණීකරණයට ලක් කළ නොහැකි ක්‍රියාවකි. එහෙත්, එසේ දිවි නසා ගන්නා තැනැත්තා ගේ පැත්තෙන් එය සාධරණීකරණයට ලක් කිරීමට යම් යම් හේතු ඉදිරිපත්ව තිබීම එවන් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!