කොටි පැටවකුගේ සිරුරක් හමුවෙයි

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි තේ වත්තේ අභිරහස් ලෙස මියගොස් සිටි මාස හතරක් පමණ වයසැති කඳුකර කොටි පැටවකුගේ සිරුරක් ඊයේ (27) දින පස්වරුවේ සොයාගත් බව නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීහු පවසති.තේ වත්තේ දුගන්ධයක් හමන බවට වතු කම්කරුවන් වතු පාලන අධිකාරියට කළ දැනුම් දිමක් මත වතු කම්කරුවන් …

ග්‍රහකයක් අද පොළොව “ළඟින්ම” යයි

මීටර 160ක විශ්කම්භයකින් යුතු ග්‍රහකයක් අද(28) පෘථිවිය පසු කර යාමට නියමිතය. 2013 WV44 ලෙස නම් කර ඇති එය පෘථිවියේ සිය කිලෝමීටර මිලියන 3.3ක දුරකින් පෘථිවිය පසු කර යනු ඇතැයි නාසා ආයතනය සඳහන් කරයි.අභ්‍යවකාශ විද්‍යාව අනුව එය අඩු දුර ප්‍රමාණයක් වුවත් ඉන් පෘථිවියට කිසිඳු තර්ජනයක් එල්ල …

කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට තවදුරටත් බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, අද (28) අලුයම 4.00ට පමණ දුම්රිය පීලිගත කිරීමේ කටයුතු අවසන් කළ ද මාර්ගයේ නඩත්තු කටයුතු තවදුරත් සිදුකරමින් පවතින බවයි. මේ හේතුවෙන් අද උදෑසන දුම්රිය ගමන්වාර 07 ක් …

සූදු ක‍්‍රීඩා නියාමන අධිකාරියකට කැබිනට් අනුමැතිය

ඔට්ටු දැමීම් ඇතුළු සූදු ක‍්‍රීඩා නියාමනය කිරීම සඳහා අධිකාරියක් පිහිටුවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.රට පුරා සිදු කෙරෙන සූදු ක‍්‍රීඩා මඟින් අපේක්ෂිත බදු ආදායම් නිසි පරිදි අයකර ගැනීම සේම සූදු ක‍්‍රියාකාරකම් හා සම්බන්ධ අපරාධ ක‍්‍රියාවන් වැළැක්වීම, සූදු ක‍්‍රීඩාවන් මඟින් පුද්ගලයින්ට හා සමාජයට සිදුවන අයහපත් ප‍්‍රතිවිපාක …

මහා වංශය ලෝක උරුමයක් වෙයි

යුනෙස්කෝ සංවිධානය විසින් මෙම වසරේ (2023) ප්‍රකාශයට පත්කළ ලෝක මතක ජාත්‍යන්තර ලේඛනයේ නව ලේඛන උරුම 64 ට ‘මහාවංශය’ ද ඇතුළත් කර ඇත.“ලෝකයේ දිගම හා අඛණ්ඩ ඓතිහාසික වාර්තා අතුරින් එකක් වන මහාවංශය, පරිණත ඉතිහාස සම්ප්‍රදායක් ආරම්භ කරමින්, ක්‍රි.පූ. 6 වැනි සියවසේ සිට ශ්‍රී ලංකාවේ ඉතිහාසය කාලානුක්‍රමිකව …

ගාලුමුවදොර යාචකයන්ට රිදියගමින් නවාතැන් පහසුකම්

ගාලු මුවදොර පිටියේ රැඳී සිටින යාචකයින් හම්බන්තොට, රිදියගම පිහිටි සමාජ සේවා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ස්ථානගත කිරීමට තීරණය කර ඇතැයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.අමාත්‍යාංශය සඳහන් කරනුයේ ගාලු මුවදොර පිටියේ පවතින යාචක හිරිහැරය සම්බන්ධ ලැබෙන මහජන පැමිණිලි මත එය මැඩලීමට පිළියමක් ලෙස මෙම පියවර ගන්නා …

arumasi-puwath

ඔබ රූපවාහිනියෙන් රස විඳින රියලිටි ෂෝ ගැන තව ටිකක් දැන ගන්න කැමතිද ?

ටෙලිනාට්‍ය, ප්‍රවෘත්ති, වාර්තා වැඩසටහන්, චිත්‍රපට වැනි සාම්ප්‍රදායික වැඩසටහන් නරඹන්නට සතුටක් නොමැති බොහෝ ප්‍රේක්ෂකයන් අතර ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති රූපවාහිනි වැඩසටහන විශේෂයක් බවට පත්ව ඇත්තේ ‘රියැලිටි වැඩසටහන්’ හෙවත් ‘රියැලිටි ෂෝ’ (Reality Shows) ය. අපේ රටේ ද රූපවාහිනී නාලිකා සියල්ලම පාහේ කලින් කලට විවිධාකාර රියැලිටි වැඩසටහන් ඉදිරිපත් කරනු දක්නට ලැබෙන අතර ඇතැම් නාලිකා අඛණ්ඩව නියමිත කාලවකවානු ඔස්සේ වසර ගණනාවක් තිස්සේ මේවා ඉදිරිපත් කරනු දැක ගත හැකිය. අප රටේ රියැලිටි වැඩසටහන් ලෙස වැඩි වශයෙන්ම පාහේ ඉදිරිපත් කෙරෙන්නේ ගායනා වැඩසටහන්ය. ඇතැම් නාලිකාවලින් විවිධ දක්ෂතාවයන් උරගා බලන රියැලිටි වැඩසටහන් …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

cartoonlogo

No posts found.

ethera-methra

walpenela

නිල නොලත් ජාතික වාජීකරණ ශාඛය-වැල්පෙනෙල

රෝගීන් තමන්ට වැළඳී ඇති රෝග සම්බන්ධ නොයෙකුත් කරුණු, තොරතුරු, විස්තර අසා දැන ගන්නේ තමන් ප්‍රතිකාර ලබන වෛද්‍යවරුන් ගෙනි. එහෙත්, ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නොදත් තවත් රහසක් තිබේ. එනම් සෑම වෛද්‍යවරයකුම එක් එක් රෝගය හා සම්බන්ධ විවිධ, විෂම රෝග ලක්ෂණ පිළිබඳව තමන් ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ගෙන් ද යම් දැනුමක්, අවබෝධයක් ලබන බව ය. වෛද්‍යවරයකු ගේ සායනික අත්දැකීම් මත පදනම් වන වෘත්තීය නිපුණත්වය වර්ධනය කරගැනීම පිණිස එය බෙහෙවින් …

“අපි තමයි හොඳටම කළේ”කියන්නට රජය වී මෝල් හිමියන්ට ඉඩ දුන්නේ ඇයි?

සහල් සඳහා පාලන මිලක් ඇති කෙරුණේ සහල් මිල දිගින් දිගටම ඉහළ යාම හේතුවෙනි. සහල් පාලන මිලට වඩා වැඩියෙන් විකුණුව හොත් දඬුවම් කිරීම වෙනුවෙන් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා නව නීති ද ගෙන එනු ලැබීය. පවතින පාරිභෝගික ආරක්ෂණ පනතට සංශෝධනයක් කරමින් ඔහු සහල් සඟවන සහ සහල් වැඩි මිලට විකුණන වෙළෙඳුන්ගෙන් අය කරනු ලබන දඩය වැඩි කිරීමට පියවර ගත්තේය. සහල් සඟවන පිරිසට හා වැඩි මිලට විකුණන පිරිසට අය කරන …

/ එතෙර – මෙතෙර

සමාජ තරාතිරමකින් තොරව අකුණු පහර එල්ල වන අකුණු සමයක් ආයිත් ඇවිත්

යමෙකු සම්බන්ධයෙන් කළ හැකි බරපතලම සාප කිරීම වනුයේ ‘හෙන ගහපන්’ යන්න ය. එමෙන්ම හෙන හත යනු ඒ සාප කිරීමේ උච්චතම අවස්ථාව ය. හෙන හෙවත් අකුණු පහරින් මිය යන්නේ බරපතල පාප කර්ම සිදුකළවුන් බවට ජන විශ්වාසයක් තිබේ.එහෙත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලය තුළ පුරා දස වසරක් තිස්සේ උතුරු පළාත හැරුණු කොට දිවයිනේ අන් සෑම ප්‍රදේශයකම සිදු වූ අකුණු අනතුරු සම්බන්ධ ස්ථානීය පරීක්ෂණ කරමින් ඒවාට හේතු විමසූ මට …

/ එතෙර – මෙතෙර

“දැන් සැපද?”කතාව කුරිරු සරදමක් වේද?

කිරි පිටි, ගෑස්, තිරිගු පිටි, සහල් මෙන්ම සිමෙන්ති මිල ද වැඩි කිරීමට රජය සැලසුම් කරමින් සිටියි. රජයේ ජීවන වියදම් කමිටුව රැස්වී මේ තීරණය ගත්තේ ඉකුත් සතියේ ය. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජීවන වියදම් කමිටුවේ දී මෙම තීරණය ගෙන තිබුණි. මෙම තීරණය ප්‍රකාරව කිරි පිටි කිලෝවක් රුපියල් 200 කින් ඉහළ යනු ඇත. 12.5 ප්‍රමාණයේ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550 කින් ඉහළ යාමට නියමිත ය. තිරිඟුපිටි රුපියල් 10 …

/ එතෙර – මෙතෙර

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

No posts found.

.

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

latest gossips

සැබෑ දහම වෙනුවට බොරු දහම් විකුණන භික්ෂුන් ගැන බුදු හිමියන් දෙසූ බණක් – කදුරුපොකුණේ සුමංගල හිමි

ත්‍රිපිටක පොත පතට අනුව බුදුන් වහන්සේ විසින් භික්ෂූන් හෝ උපාසක උපාසිකාවන් “පින්වත්”යන වදන පෙරටු කොට ආමන්ත්‍රණය කොට තිබේ දැයි අප ගේ සාමනේර හිමි වරුන් සහ දහම් පාසල් සිසුන් කිහිප වරක්ම අපගෙන් අසා තිබේ.ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අප සෑම විටෙක්ම පවසා ඇත්තේ සමස්ත ත්‍රිපිටකයේ කිසිදු තැනක බුදුන් වහන්සේ කිසිවකුත් පුණ්‍යවන්ත හෙවත් …

/ පහන් ටැඹ

බුදුන් ගේ අණ නොතකා භික්ෂූන් ගාථා පිරිත් සින්දු කරන විටත් සාධු කියමුද? – කදුරුපොකුණේ සුමංගල හිමි

මේ දිනවල රට පුරා විහාස්ථාන වලින් ශබ්ද වාහිනී මගින් විසුරුවා හැරෙන ආගමික පුද පූජා  සම්බන්ධ එක්තරා විශේෂත්වයක් අනාවරණය වෙමින් තිබේ. එනම් ඇතැම් භික්ෂුන් විසින් පාලි  ගාථා පාඨ, පිරිත් ආදිය ගීත ස්වරයෙන් ගායනා කිරීම ය. එමෙන්ම ඉන් මතු වන ශබ්ද මාධූර්යය කෙරෙහි යමකු ප්‍රිය මනාප වීමට ද බැරි කමක් නැත. ජනතා …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

ග්‍රහ අපලත් කොවිඩ් වගේ – හේම ශ්‍රී අමරසිංහ

ග්‍රහ අපල වශයෙන් දැක්වෙන තත්වයන් කෙරෙහි අතීත සමාජය තුළ නොපැවැති බියක් වර්තමානයේ දක්නට තිබේ. විශේෂයෙන් පාප ග්‍රහයකු වශයෙන් සමාජයේ දැන හැඳුනුමට ලක්ව හිඳින සෙනසුරුගේ නම ඇසීමට පවා ඇතැමෙක් බිය වෙති. මේ සඳහා වන ප්‍රධාන හේතු දෙකකි. ඉන් පළමු වැන්න අතීත මිනිසාට සාපේක්ෂව නූතන සමාජයේ බොහෝ දෙනකු තුළ ලෞකිකත්වය කෙරෙහි පවත්නා …

error: Content is protected !!