
![]()
අද කාලගුණය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (24) පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.එස දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවයි. දකුණු පළාතේ …
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ සාගරිකා දුම්රිය අද (24) පෙරවරුවේ පීලි පැනීමට ලක් වී තිබේ. ඒ වාද්දූව දුම්රිය ස්ථානය ආසන්නයේදීයි. එලෙස දුම්රිය පිලී පැනීමත් සමඟ මන්තීරු දෙකම අවහිර වී තිබෙන බවයි වාර්තා වෙයි. ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය එම ප්‍රදේශයෙන් ඉහළට …
වෙසක් නිවාඩුවේ වෙනසක්
2026 රාජ්‍ය වෙසක් උත්සවය නිල වශයෙන් මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින එනම් මැයි 31 රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.ඒ අනුව කලින් මැයි 2වැනිදාට යෙදී ඇති නිවාඩුව සංශෝධනය කරමින් …
අතුරුදන් වූ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5 සයිප්‍රසයට? – විධිමත් පරීක්ෂණයක් නැති වීම සැකයි
මහා භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලදැයි කියන ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සයිප්‍රසය වැනි ආරක්ෂිත මූල්‍ය කලාපයක් (Safe Haven) වෙත ගලා ගොස් ඇති බවට අනුමාන කරන බව ‘දිනන දකුණ’ සංවිධානයේ ප්‍රධානී, නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ මෙම සිදුවීමේ ඇති බරපතළම …
මුදල් අමාත්‍යාංශයේ පරිගණක පද්ධතියකට සයිබර් ප්‍රහාරයක්
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය හරහා ඇතුළු වී සයිබර් හැකර්‌කරුවන් විසින් සිදුකල සොරකමක් සම්බන්ධයෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංර්වධන අමාත්‍යංශය විසින් නීතිය බලාත්මක කරන ආයතන සහ අදාළ අනෙකුත් ආයතන වෙත දැනටමත් පැමිණිලි කර තිබේ. 2026 ජනවාරි මාසය …
‘Walk For Peace’ සාම පා ගමනේ තෙවැනි දිනය අදයි
ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ‘Walk For Peace’ සාම පා ගමන වැඩසටහනේ තෙවැනි දිනය අද(23) යි. ලබන 28වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව එය පැවැත්වීමටයි කටයුතු යොදා තිබේ. අද ( 23) පෙරවරු 7.00ට මාතලේ අළුවිහාරයෙන් සාම පා ගමන ආරම්භවන අතර, මහනුවර ශ්‍රී දළදා මාළිගාවෙන් එය …

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි
මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ හැඩගැස්වූ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබේ. ඒ නවීන විද්‍යාව සහ ගුප්ත විද්‍යාව ය. නමුත් ඒවායේ මූලධර්ම හා හැසිරවීම් අතර අතිශය ගැඹුරු වෙනස්කම් පවතී. නවීන විද්‍යාව යනු මිනිසාගේ පංචේන්ද්‍රියන් මත පදනම් වූ, තර්කානුකූල ඥාන ශක්තියෙන් ගොඩනැඟූ විෂය පථයකි. එය ඕනෑම අයකුට විමර්ශනය කළ හැකි, දත්ත මත පදනම් වූ හා මිනිස් බුද්ධියට මෙල්ල කළ හැකි සීමාවක පවතී. එහෙත්, ගුප්ත විද්‍යාව යනු එවැනි සාමාන්‍ය බුද්ධිමය සීමාවන්ගෙන් ඔබ්බට ගිය, අතීතයේ විසූ අතිමානුෂීය ඥානයකින් හෙබි සෘෂිවරුන් විසින් ලොවට දායාද කළ අද්භූත ශක්ති ජාලයකි. මෙම ශාස්ත්‍රයන් මිනිසා විසින් …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

මෙවර නොබෙල් සාම ත්‍යාගයට එරෙහිව ජූලියන් අසාන්ජ් නඩු පවරයි
මේ වසරේ නොබෙල් සම්මාන අතරින් නොබෙල් සාම ත්‍යාගයට විශාල අවධානයක් යොමු විය. එයට ප්‍රධාන හේතුවක් වූයේ ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්මානය තමා සතු කර ගැනීමට විශාල උනන්දුවක් දැක්වීමයි. තමා විසින් සමතයකට පත් කරන ලද යුද ගැටුම් ගණන ගැන පවා කියමින් ඔහු මෙම සම්මානයට තමාට ඇති සුදුසුකම් ගැන කීවේය. එහෙත් අවසානයේ සාම ත්‍යාගය පිරිනමන ලද්දේ වෙනිසියුලාවේ දේශපාලන නායිකාවක වන 58 හැවිරිදි මාරියා කොරීනා මචාඩෝට යි. කෙසේ හෝ …
Gen Z පරපුරේ නැඟිටීම සහ “ඩබල් පොකට්” දේශපාලනය
කොළඹ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක “වර්ණ රාත්‍රිය” (Colours Night) පැවති දවසේ, අනපේක්ෂිත බලවත් මොහොතක් උදා විය. වේදිකාව මතට පැමිණි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවක, ගුරුවරුන්, දෙමාපියන්, ආදි ශිෂ්‍යාවන් සහ සම වයසේ පිරිසක් ඉදිරියේ ක්ෂණිකව සිය අදහස් දක්වන්නට පටන් ගත්තා ය. එහිදී එවන් අවස්ථාවක එම භූමිකාව දරන සිසුවියක කළ යුතු සාම්ප්‍රදායික කතාවෙන් ඔබ්බට යමින්, දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ඇය ප්‍රකාශ කළේ තමන් නිසි ලෙස දිනාගත් සම්මානයක් තමන්ට අහිමි වූ බවයි. නමුත් එය …
ලොව පළමු AI මනාලයා සමාජ කරළියට
AI, එහෙමත් නැත්නම් කෘත්‍රිම බුද්ධියට කළ නොහැකි දෙයක් මේ ලොව නොමැති තරම්ය. ඒ තරමටම එය අපගේ ජීවිතවලට සමීප වී සිටින අතර, අපේ ජීවිත ද යම් තරමකට මෙහි බලපෑමකට ලක්ව තිබේ. ඇතැමුන්ගේ ජීවිත අප සිතනවාට ද වඩා AIවලට නතුව තිබේ. AIවලින් නිර්මාණය කරගත් තරුණයකු සමඟ විවාහ වූ ජපන් කාන්තාවකගේ කතාව ඇසෙන්නේ ඒ අතරවාරයේය. බටහිර ජපානයේ පාරිභෝගික ඇමතුම් මධ්‍යස්ථානයක සේවය කරන 32 හැවිරිදි යුරිනා නොගුචි, වසර තුනක් තිස්සේ පැවති …
උත්සව සමයේ මුස්ලිම් මුදලාලිලා දඬු කඳේ ගහමුද?
උත්සව සමය ලෙස හැඳින්වෙන, සෑම වසරකම අවසාන මාසය අප ජන සමාජයේ මෙන්ම ලොව බොහෝ රටවල ජනතාවගේ පාරිභෝගිකත්වය ඉස්මතු වන බව ප්‍රසිද්ධ කරුණකි. එහෙත්, අප රට තුළ ඇති වන එම පාරිභෝගිකත්වයත් සමඟ මුස්ලිම් ව්‍යාපාර කෙරෙහි පොදු ජනතාව කලකිරවන නොයෙකුත් දුර්මත පැතිරවීමේ සම්භාවිතාවක් ද මීට වසර ගණනක සිට අප හට නිරීක්ෂණය වී තිබේ. මේ, මෙවර උත්සව සමය පදනම් ව එලෙස සමාජගත වූ දුර්මත අතුරින් පසුගිය දිනයෙක අසන්නට ලැබුණු පට්ටපල් …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

වෛද්‍ය වරුන් ඉදිරියේ දී ඔබත් මෙවැනි කෙනෙක් ද? – හෘද රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
මෑතකදී වෛද්‍යවරයකු වෙත පැමිණි‚ එක්තරා රෝගියෙකු වෛද්‍යවරයා තම රෝගය ගැනත්, ප්‍රතිකාර ගැනත් දෙන ලද උපදෙස් සාවධානව අසා හිඳ අන්තිමේ මෙවැනි ප්‍රශ්නයක් නැගුවේය. “ඩොක්ටර් මං ඉදල හිටල පොඩි ඩ්‍රින්ක් එකක් ගත්තට කමක් නැද්ද?˜ ඉදහිට ඉතා කලාතුරකින් මත්පැන් ස්වල්පයක් ගැනීමෙන් එම රෝගයට බලපෑමක් ඇති නොවන බව වටහා ගත් වෛද්‍යවරයා එය කලාතුරකින් ඉතා ස්වල්පයක් ලෙස සලකා වරදක් නැතැයි කීය. ඕනෑම වෛද්‍යවරයකු තමන් කරා එන රෝගියකුට ප්‍රතිකාර නියම කර තවත් පිළිපැදිය යුතු දේවල් පිළිබද උපදෙස්ද ලබා දීම සාමාන්‍ය ස්වභාවයයි …

සතුන් ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වරදක් ද?
උපත ලැබීමෙන් පසු සෑම මනුෂ්‍යයකුටම ජීවත්වීමේ හිමිකම තිබේ. ඒවා මානව හිමිකම් ලෙස අපි දක්වමු. එලෙසින්ම මේ මහ පොළොවේ උපත ලද සියලු තිරිසන් සතුන්ටද ජීවත් වීමේ අයිතියක් ඇත. ඒවා සත්ව හිමිකම් ය. මානව හිමිකම් යනු කවරක්දැයි අර්ථ විග්‍රහ කර ඊට අදාළ නීති රාමු සකස් කර ගත්තේ මිනිසුන් ය. එලෙසින් සතුන්ගේ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරදීම උදෙසා …
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


COP 30 හරහා තව දුරටත් මුතුවන දේශගුණ උණුසුම
අප මේ මොහොතේ මුහුණ දෙමින් සිටින බරපතලම ගෝලීය අර්බුදය වන දේශගුණික විපර්යාසය අප සිතනවාටත් වඩා වේගයෙන් අපගේ අවසානය ළඟාකරමින් සිටින බව එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස …
හෝර්ටන් තැන්නේ නෙළු වසන්තය අලුත් එකක් ද?
හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ “නෙළු වසන්තය” නමින් හැඳින්වුණු සමය මේ වන විට නිමා වෙමින් පවතී. නමුත් මීට පෙර අප රටේ බොහෝ දෙනකු නෙළු වසන්තයක් පිළිබඳව …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

ගෙදර කියා ප්‍රකට ගෙවල් තුළ සැඟවුණු අතීත රස කතා
චීන අඩි හෙවත් චීනාඩි යනු මේ වන විට මුළුමනින් අභාවයට ගොස් ඇති ආත්මාරක්ෂක සටන් කලාවකි.නමුත් ඒ නම හා සම්බන්ධ `චීනාඩි ගෙදර’ නමින් හැඳින්වෙන නිවසක් බෙලිඅත්ත, කුඩාහීල්ල ප්‍රදේශයේ තිබේ. එයට එම නම ලැබී ඇත්තේ ඊට සම්බන්ධ යම් ඉතිහාසයක් නිසා ය. දහනව වන සියවසේ අග භාගයේ දී එම ප්‍රදේශයේ සේරුගහහේන නම් ඉඩමක …
වියපත් වූවන් පිළිබඳ සමාජමය ගැටළු වලට විසඳුම් නැත්තේ ඇයි? – හිටපු මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ වන විට ශ්‍රී ලාංකිකයින්ගේ ආයු අපේක්ෂාව ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය පසුගිය දා අනාවරණය කොට ඇත. වර්තමානය වන විට මෙරට පිරිමි පුද්ගලයන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 76 දක්වාත් කාන්තාවන්ගේ අපේක්ෂිත ආයු කාලය වයස අවුරුදු 80 දක්වාත් ඉහළ ගොස් ඇතැයි එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය …

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි. රසායන විද්‍යාව හා භෞතික විද්‍යාව වැනි විවිධ ක්ෂේත්‍රයන් හා බද්ධ වූ මෙම සංයුක්ත …
මිනී දවන තැනක ඇති පුළුටු සහිත ගල්ලෙනක්
සොහොන් යකුන් යනු අප සමාජ සම්මතයේ එන යක්ෂ වර්ගයකි. ඔවුන්ගේ නායකයා අප රටේ චිරප්‍රසිද්ධ මහසෝනා ය. මහසෝනා සම්බන්ධයෙන් එන, දුටුගැමුණු රජුගේ ගෝඨයිම්බර යෝධයා හා සටන් වැද පරාජයට පත් රිටිගල ජයසේන පිළිබඳ පුරාවෘත්තය පසුකාලීනව එක්වූවක් බවත්, ‘මහසෝන්’ නාමයේ මූල රූපය ‘මහ සොහොනා’ බවත් ඒ පිළිබඳ වැඩිදුර කරුණු හැදෑරීමේදී පෙනී යයි. භාරතීය …






