දයාසිරි ගේ ‘මානුෂීය ජනතා සන්ධානය‘එළි දකී

පාර්ලිමේන්තු මන්ත්‍රී දායාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය මැයෙන් ‘මානුෂීය ජනතා සන්ධානය‘ ජනගත කිරීම ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී ඊයේ (20) සිදු කෙරිණි.එහි දී සුළු පක්ෂ 20ක් සමඟ නව සන්ධානය ජනගත කරනු ලැබුණු අතර මේ අවස්ථාවට සමඟි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, ජාතික …

අපනයන ආර්ථිකයක් නැත්නම් අවුරුදු දහයකින් රට වැටෙනවා

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබා ගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර දහයකින් ශ්‍රී ලංකාවට නැවත ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බවත් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර රට කඩිනමින් අපනයන ආර්ථිකයක් කරා පරිවර්තනය කිරීම තම අපේක්ෂාව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.ඊට අදාළව …

නිල්වලා ගඟට ලවණ ජලය මුසු වීමේ අවදානමක්

මාතර නිල්වලා ගඟ හරහා ඉදිකර තිබූ ලවණ බාධකයන් ගංවතුර බැස යාමට බාධකයක් වී ඇති බවට ගොවි සංවිධානවලින් නැගුණ විරෝධතාවය මත එය යම් ප්‍රමාණයකින් ඉවත් කිරීමත් සමඟ එම ස්ථානයන්ගෙන් ලවණ ජලය ගංගා ජලය සමඟ මුසු විය හැකි බවට නිලධාරීන්ට සැක මතුව තිබේ.ඒ, පවතින අධික උණුසුම් කාලගුණය …

බිත්තර මිලියන 42ක් ගේන්න කැබිනට් අනුමැතිය

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ඉන්දියාවෙන් බිත්තර මිලියන 42ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අප්‍රේල් මස 30 වන දා දක්වා බිත්තර ආනයනය කිරීමට මීට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමකදී තීරණය කර තිබිණි. ඒ හරහා බිත්තර මිලියන 18ක් මේ වන විට ආනයනය කර ඇති අතර …

මහා බැංකු වැටුප් වැඩිවීම කල් යයි

පැහැදිලි සාධාරණ විසඳුමක් ලැබෙන තුරු ශ්‍රී ලංකා මහා බැංකු කාර්ය මණ්ඩලයේ වැටුප් වැඩි කිරීම කල් දමන්නැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ශ්‍රී ලංකා මහා බැංකුවට අද(20) නිර්දේශ කොට ඇත.මෙම නිර්දේශය සඳහන් වන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු …

වියලි උණුසුම අතරේත් සවස වැසි

අද(20) දිනය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින මුත් බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.මේ අතර මේ දිනවල …

arumasi-puwath

vinivida.lk

පණ පිටින් හිඳින කෙනෙකු වෙනුවෙන් වුණත් අවමඟුලක් පවත්වන්න පුළුවන්

ජීවත්ව සිටියදීම තමාගේ අවමංගල්‍යයට සහභාගී වූ සිදුවීම් අපට ඉඳ හිට අසන්නට ලැබේ. කොටි ත්‍රස්තවාදීන් සමග සටන් පැවති සමයේ ඇතැම් හමුදා භටයන් මිය ගිය බවට වැරදි තොරතුරු ලැබී වැරදි මළ සිරුරක් සහිත මුද්‍රා තබන ලද මිනී පෙට්ටියක් යම් කිසි නිවසකට ලැබීම නිසා අවමංගල්‍යය පවත්වමින් සිටිය දී අදාළ පුද්ගලයා එකී නිවසට පැමිණි අවස්ථා අප අසා තිබේ. එමෙන්ම වැරදි තොරතුරු නිසා තමා මිය ගිය බවට ආරංචි පැතිර යාම වැනි සිදුවීම් ද විරල නැත. නමුත් යම්කිසි පුද්ගලයෙක් තමාගේ කැමැත්තෙන්, තමා ජීවත් ව සිටිය දී තමාගේ අවමංගල්‍ය උත්සවය පවත්වන අවස්ථා …

urumayaka asiriya

ඉස්සර “ගොඩේ”හා සරසවි සිසුන් ඊට කියන”ඩොටේ”

ලබන දෙසැම්බර් මාසයේ ගල්ගමුව ආශ්‍රිතව පැවැත්වීමට අප විසින් සංවිධානය කරනු ලබන සත්ව අහිංසා ප්‍රවර්ධන වැඩසටහනක් පිළිබඳව මම කැලණිය සරසවි සිසුවකුට කීවෙමි.ඒ ඔවුන් ද සත්ව හිමිකම් හා සුබසාධනය සම්බන්ධයෙන් සැලකිය යුතු මෙහෙවරක් කරන බැවිනි.”ගල්ගමුවේ නේද? හැබැයි ඉතින් ගල්ගමුව කියන්නේ හද්දා “ඩොටේ නේ” ඔහු ගත් කටටම අසා සිටියේ ය. ‘ඩොටේ’ යන්න නූතන …

ethera-methra

අපේ රටේත් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය තිබෙනවාද ?;ඔබටම දැන ගන්න අවස්ථාවක්

ශ්‍රී ලංකාව කවර ස්වභාවයක රාජ්‍යයක්දැයි යමෙකු ඇසුවොත් වඩාත් නිවැරදිතම පිළිතුර ලබාදෙන්නටම නම් එයට ඇති වඩාත් සුදුසුතම මූලාශ්‍රය වන්නේ 1978 ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව හඳුන්වාදී ඇති ආකාරය විමසා බැලීමය. එහි සඳහන් වන ආකාරයට ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇත්තේ ‘ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය’ ලෙසිනි. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රජාතාන්ත්‍රික මෙන්ම සමාජවාදී ජනරජයක් ලෙසින් ද ක්‍රියාත්මක වේ. තවත් ආකාරයකින් පැවසුවහොත් මෙය ජනතා පරමාධිපත්‍යය හොඳින් ක්‍රියාත්මක වන …

අලුත් වසංගතයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි

මේ කාලයේ ලොව පුරා පැතිරෙමින් ඇති අලුත් සෞඛ්‍ය තර්ජනයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. මෙම අලුත් වසංගතය නම් ‘තනිකම සහ හුදෙකලාභාවය’ යි. මිනිසුන් මේ කාලයේ වඩ වඩාත් තනිකමට, හුදෙකලාවට ගොදුරු වෙමින් සිටින බව මේ සම්බන්ධයෙන් මෑත කාලයේ කරන ලද අධ්‍යයනයන්ගෙන් හෙලි වී තිබේ. එහි ඇති වඩාත් බරපතල කාරණය වන්නේ මෙම තනිකමෙහි බලපෑමෙන් විවිධ කායික, මානසික රෝගවලට බිලිවන පිරිස ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබීමයි. මෙය කාගේත් වැඩි අවධානයකට …

කෝප් කමිටු සභාපති වරයාගේ වෑයම ක්‍රිකට් දූෂණ ගැන සත්‍යයේ කට වැසීමද?

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරට එරෙහි විශ්වාසභංග යෝජනාවක් කතා නායකවරයාට බාර දීමට සමගි ජන බලවේගය පක්ෂය තීරණය කර ඇත.මෙම විශ්වාස භංග යෝජනාව හෙට (20) බාරදීමට නියමිතයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර අතර ඇතැයි පැවසෙන සබඳතා හෙවත් “ළබැදියාවන් සම්බන්ධ ගැටුම”හේතුවෙන් ඔහු එම කමිටුවේ මුල් පුටුවේ තබා ගෙන ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් …

vinivida.lk

තුවක්කු එකතු කොට පන්සලේ තබා ගන්නා යකාගෙ හාමුදුරුවෝ

තුවක්කු එක් රැස් කොට තමන් වහන්සේ වැඩ වෙසෙන පන්සලේ තබා ගැනීම විනෝදාංශයක් කොට ගත් භික්ෂුන් වහන්සේ නමක පිළිබඳ තොරතුරු මුල්වරට මට අසන්නට ලැබුණේ මීට මාස කිහිපයකට ඉහත දී ය. ඒ ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේ චිත්‍ර කලා ගුරු උපදේශක වරයකු වන මගේ හිතවත් ජේ.රත්නායකයන් වෙතිනි. පසුව ගිරිබාව අධ්‍යාපන කොට්ඨාශයේම සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය පිළිබඳ ගුරු උපදේශකවරයකු වන දමින්ද ප්‍රභාත් අබේකෝන් මහතා අප මිතුරු රත්නායක හට පවසා තිබුණේ ඒ හිමියන් …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

ශරීරයේ තිබෙන වෙනස්කම් හඳුනාගෙන රෝග වැළඳිය හැකි දැයි පරික්ෂා කර ගත හැකි ක්‍රම

අපේ ශරීරයේ ඇතිවන කුමන ⁣හෝ වෙනස්කමක් ඇතැම් විට යම් රෝගයක ආරම්භය විය හැකිය. නමුත් බොහෝවිට අප මේ සුළු සුළු වෙනස්කම් පිළිබඳව උනන්දු වන්නේ නැත. මෙය රිදුමක් කැක්කුමක් වැනි ඕනෑම දෙයක් විය හැකි අතර එය තදබල නැත්නම් අප කරන්නේ “ඒ ගැන නොතකා හැරීම ය. නමුත් මෙවැනි ශාරීරික වෙනස්කම් පිළිබඳව හැම විටම නොසලකා හැරිය යුතු නොවේ. ඒවා පිළිබඳ ඔබට යම් අවබෝධයක් ඇත්නම් ඉදිරියේදී ඇතැම් විට හට ගත හැකි බරපතළ රෝගයක් පවා කල් තියා හඳුනා ගැනීමට හැකි වනු …

wall-logo

No posts found.

sathuntath-himi-ape-lokaya

kithunu

මස් මාංශ අනුභවය සැබෑ කිතුණු උරුමයක් නොවේ;මෙන්න සාක්ෂි

“කතෝලික මිනිස්සු කොහොමත් හොඳට මස් මාළු කන මිනිස්සුනේ” යැයි අප බොහෝ දෙනෙක් පවසන දෙයකි. එසේ පැවසෙන්නේ කිතුනුවන්ගේ කුමන උත්සවයක දී වුව එහි මස් වර්ග කිහිපයක්, මාළු වර්ග කිහිපයක් වරදින්නේ නැති නිසා ය. කෙසේ වෙතත් මාංශ ආහාරයෙන් තොර කිතුනුවන් ද නැතිවාම නොවේ. මස් මාළු නොකන අය දෙස කිතුනුවන් බොහෝ දෙනෙක් බලන්නේ, “අපෝ ඔයා චිකන් කෑල්ලක්වත් කන්නේ …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සුන්දර ස්ථාන රැසක් එකවර දැකගත හැකි කුකුළාගල කන්ද

අපේ රටේ තිබෙන තවත් සුන්දර කඳු පන්තියක් වන කුකුළාගල කන්ද වෙතයි අද අපේ චාරිකාව යොමුවන්නේ. අංශක 360 වපසරියක් සහිතව පිහිටා ඇති අපේ රටේ කඳු පන්ති …

/ හරිත දනව්ව
vinivida

මධ්‍යම පරිසර අධිකාරියේ උපදෙස් මත සිංහරාජ අඩවියේ වැසි වනාන්තර මහ පරිමාණයෙන් විනාශ කරයි

සිංහරාජ වන රක්ෂිතය ලෙස ආරක්ෂිත තත්ත්වයට පත් කර ඇති වැසි වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 36475 ක් වන අතර ආකාර දෙකක වැසි වනාන්තර මෙලෙස රක්ෂිත තත්ත්වයට පත් …

/ හරිත දනව්ව

rasagagula

බුද්ධදාස විතානාරච්චි “මහාචාර්ය ජයනාත් බලගල්ලේ”ගැන තැබූ සොඳුරු සටහනක්!

මීට වසර 30 කට පමණ පෙර, දකුණු ඕස්ට්‍රේලියාවේ ඔපල් පතල් නගරයක් වන භූගත නිවාස ඇති කූබ පීඩි වලට ලංකාවෙන් පැමිණෙන භූ ගර්භ විද්‍යාඥයකු වන මහාචාර්ය ජයනාත් බලගල්ලගේ රූමත් යොවුන් බිරිඳ …

/ රසගඟුල

ආලියා භාත්, ක්‍රිති සැනොන්, අල්ලු අර්ජුන් ජාතික සිනමා සම්මාන දිනති

ඉන්දියාවේ ජාතික සිනමා සම්මාන උළෙල එරට වඩාත්ම පිලිගැනීමට පාත්‍ර වූ සිනමා උළෙලකි. මෙම උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සිනමා කලාකරුවෝ විශාල ගෞරවයක් ලෙස සලකති. 69 වැනි ඉන්දියානු ජාතික සිනමා උළෙල …

/ රසගඟුල

කොසොල් රජු ගේ සිහින දහසය අපේ රටට;වත්මනට මෙතරම්ම ගැලපෙන්නේ කොහොමද?

මිනිසාත් තිරිසනාත් අතර පවත්නා ප්‍රධානතම කඩ ඉම සදාචාරයයි. මෙම සදාචාරය යනු සත්ව කොට්ඨාශයක් වන මිනිසුන් තුළ නෛසර්ගිකව ඇති වන්නක් නොවේ. එය චිත්ත දමනය මුල් කොට ආයාසයෙන් ආරෝපණය කර ගත යුත්තකි. අප සමාජයේ කුඩා දරුවන් පවා දන්නා “සබ්බ පාපස්ස අකරණං” යන ගාථාවෙන් පැවසෙනුයේ ද සියළු බුදුවරුන්ගේ අනුශාසනය චිත්ත දමනය පදනම් කරගත් …

/ පහන් ටැඹ
jalagatuma

මෙදා උඩවලවේ ජල ගැටුම හා බුදුන් දවස රෝහිණී නදියේ ජල ගැටුම

මේ දිනවල පවත්නා දැඩි නියඟය මුල් කොට වලවේ කලාපයේ ගොවි ජනතාවට බරපතල ව්‍යසනයකට ලක් වීමට සිදු වූ බවක් අසන්නට ලැබේ. ජල විදුලි උත්පාදනය සඳහා ඉදි කරනු ලදුව 1992 වසරේ සිට ක්‍රියාත්මක වන බෙලිහුල්ඔය සමනල වැව වේල්ල ඔස්සේ කෘෂි කර්මාන්තය සඳහා අවශ්‍ය දියවර 1963 වසරේ සිට ක්‍රියාත්මක වනඋඩවලවේ ජලාශයට මුදා නොහැරීම …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

කඳානේ පල්ලිය අද්දර මරිය තුමිය ලෙසින් දර්ශනය වූ කාන්තා රූපයේ ඇත්තම කතාව

මෙම කාන්තාවගේ දර්ශනය කිසියම් මවා පෑමක් නොවන බව අතිශය පැහැදිලි ය. ඒ අනුව සමාජ ජාල තුළ මහත් කැළඹීමක් ඇති කළ මෙම දේව මාතා පිළිරුවක හැඩය ගත් එම කාන්තා රුව සම්බන්ධයෙන් එම සිද්ධස්ථානය අවට ජනතාව කුමක් පවසන්නේ ද යන්න දැන ගනු පිණිස පසුගිය දිනයෙක මම එහි සංචාරය කළෙමි.මක් නිසා ද මෙවැනි …

/ ඉරා අදුරුපට
vinivida

ඔබේ කේන්දරය හැමෝටම පෙන්නන එපා කියන්නේ ඇයි? – හේම ශ්‍රී අමරසිංහ

තමන්ගේ කේන්දරය හැමෝටම පෙන්නන්න හොඳ නෑ කියලා කතාවක් තියෙනවා නේද?’ බොහෝ දෙනෙක් අපගෙන් එසේ අසා සිටිති. එහෙත්,ඉන් වැඩි දෙනකු පවසනුයේ තමන් එසේ අසා ඇති මුත් ඊට පදනම් වන හේතු කිසිවක් නොදන්නා බවකි. ඒ අතර යමකුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට ඒ තැනැත්තාට නපුරක්, අයහපතක් සිදු කිරීමට අන් අයට ඇති හැකියාව මත …

error: Content is protected !!