hotline

අපේක්ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රියයි: රෝගීන් 1,500ක් පොරොත්තු ලේඛනයේ

මහරගම අපේක්ෂා රෝහලේ නව සීටී සිමියුලේටර් (CT Simulator) යන්ත්‍රය ක්‍රියාත්මක කළ නොහැකි වීම හේතුවෙන් විකිරණ ප්‍රතිකාර සඳහා අවශ්‍ය පරීක්ෂණ සිදුකර ගැනීමට නොහැකිව පිළිකා රෝගීන් 1,500කට ආසන්න පිරිසක් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, …

බස්නාහිර ඇතුළු ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද(09) පස්වරු 1 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.ඒ අනූව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වටත්, අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලටත් මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි. අකුණු …

worldbank

මෙරට ආර්ථික වර්ධනය ගැන ලෝක බැංකුවෙන් නව පුරෝකථනයක්

මෙරට ආර්ථිකය අර්බුදයට පෙර මට්ටමට ළඟාවුවද එය අසම්පූර්ණ මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි. ලෝක බැංකුව සඳහන් කළේ සමස්ත ආර්ථිකය යථාවත්වීමේ වේගයට සාපේක්ෂව ගෘහ ආදායම් සහ ශ්‍රම වෙළෙඳපොළ තත්ත්වයන් තවමත් පසුගාමී මට්ටමක පවතින බවයි. එමෙන්ම මෙම වසරේදී දළ දේශීය නිෂ්පාදිතය (GDP) 4.4%කින් වර්ධනය වන බවට …

ඉන්ෆ්ලුවෙන්සා ශීඝ්‍ර ව්‍යාප්තියක්

ඉන්ෆ්ලුවෙන්සා වෛරසය මේ දිනවල මෙරට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. වසංගත රෝග ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාප්‍රේම සඳහන් කළේ, පසුගිය සතියේ සිට ඒම තත්ත්වය වාර්තා වන බවයි …

ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පී නානා පටේකර් දිවිගමනට සමුදෙයි

ඉන්දීය සිනමාවේ අසහාය රංගන ශිල්පියෙකු මෙන්ම සුවිශේෂී පෞරුෂයකින් හෙබි ප්‍රවීණ රංගන ශිල්පී නානා පටේකර් වයස අවුරුදු 75ක්ව සිටියදී අද (8) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.හින්දි සහ මරාති සිනමාව තුළ දශක හතරකට වැඩි කාලයක් පුරා සුවිශේෂී රංගන දායකත්වයක් ලබාදුන් නානා පටේකර් ගෝවා ප්‍රාන්තයේ දෝනා පෝලාහි පිහිටි සිය …

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කරයි

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා නව නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.මෙම අනතුරු ඇඟවීම ඊයේ (07) රාත්‍රී 7:00 සිට අද ( 08) රාත්‍රී 7:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා වලංගු වේ. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් …

මන්නාරම් දූපතේ සුළං විදුලි බලාගාරය ලක්ෂ ගණන් සංක්‍රමණික පක්ෂීන්ට මර උගුලක් නොකරමු

මෙය ගෝලීය දේශගුණික විපර්යාසයන්ට සහ ගෝලීය උණුසුම් වීමට මුහුණ දීම සඳහා සමස්ත ලෝකයම පොසිල ඉන්ධන භාවිතයෙන් බැහැරව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත වේගයෙන් ගමන් කරමින් සිටින යුගයකි. ශ්‍රී ලංකාව ද එම ගමනේ තීරණාත්මක මෙන්ම ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කර ඇත. මන්නාරම් දූපත කේන්ද්‍ර කරගනිමින් මෙගාවොට් 50ක ධාරිතාවයකින් යුක්තව ඉදිවන සුළං විදුලි බලාගාරය, ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ලැබූ නවතම පිම්මක් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණයක් ලෙස හැඳින්විය හැකිය. මෑතකදී ත්‍රිකුණාමල වරායට ළඟා වූ අවසාන ටර්බයින තොගයත් සමඟ සක්‍රීයව සහ කඩිනමින් සිදුවන මෙම ව්‍යාපෘතිය, හුදෙක් කාර්මික සංවර්ධනයක් පමණක් නොව, රටේ …

urumayaka asiriya

vinivida

වන්දනා නඩයක් අනුරපුර සිට පා ගමනින් සිරිපා කරුණා කරති

තවත් සිරිපා වන්දනා සමයක් එළඹ තිබේ. පසුගිය වසරාවසානයේ උඳුවප් පුන් පොහොයෙන් ඇරඹුණු මෙම සැදැහැවත් චාරිකාව, ලබන වෙසක් පුන් පොහොය තෙක් මාස හයක කාලයක් පුරා අඛණ්ඩව පැවැත්වෙනු ඇත. දහතුන්වන සියවසේ පමණ සිට සියවස් අටකට අධික කාලයක් පුරාවට “සිරිපා කරුණාව” ලෙස චිරප්‍රසිද්ධ වූ මෙම උතුම් වන්දනාව, වත්මන් සමාජ ආර්ථික විෂමතා හා පාරිභෝගික …

ethera-methra

සුදු වීමේ සිහිනය හඹා යාමේ ගමනාන්තය: වකුගඩු අක්‍රිය වීමේ සිට ස්නායු හානි තෙක්

රූමත්කම පිළිබඳ ලෝකයේ විවිධ සමාජවල පවතින සංකල්ප අතර සමේ පැහැය සම්බන්ධ අදහසට හිමිවන්නේ විශේෂ ස්ථානයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල දීර්ඝ කාලයක් තිස්සේ “සුදු සම” රූමත්කමේ, සමාජ පිළිගැනීමේ සහ ඇතැම් විට ආර්ථික තත්ත්වයේ සංකේතයක් ලෙස පවා සලකා තිබේ. එම සමාජ මතය වටා දැවැන්ත වෙළෙඳපොළක් නිර්මාණය වී තිබේ. මුහුණ සුදු කරන ආලේපන (Cream), දියර (Lotion), සෙරම් (Serum), සබන්, පෙති හා කරල් මෙන්ම විවිධ රූපලාවණ්‍ය ප්‍රතිකාර ද ඒ …

/ එතෙර – මෙතෙර

අද අවශ්‍ය රෝහලට යා යුතු වේලාව දන්නා සමාජයක් මිස රෝහලට නොයන සමාජයක් නොවේ

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අතිශය සවිමත් යදමක් බඳු රෝහල් පද්ධතිය පිළිබඳ නැවත කතාබහක් ඇති කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධ ජන හමුවකදී කළ බව සඳහන් වන ප්‍රකාශයක් මේ දිනවල සමාජ අවධානයට ලක්ව තිබේ. එහිදී නිශ්චිත හේතුවක් නොමැතිව රෝහල් වෙත පැමිණීමේ ප්‍රවණතාවක් සමාජයේ ඇති බවත්, ඇතැම් විට නගරයට හෝ සතිපොළට පැමිණෙන අතරතුර පවා රෝහලට ගොඩවීමට තරම් එම ප්‍රවණතාව වර්ධනය වී ඇති බවත් පෙන්වා දී තිබේ. මෙය හුදෙක් “මිනිස්සු …

/ එතෙර – මෙතෙර

මේ දිනවල වැසි වැටුණාට ඉදිරියේ නියඟයක් එන්නේ නැද්ද?

ශ්‍රී ලංකාවේ ප්‍රදේශ රැසකට මේ දිනවල ඇද හැලෙන වැස්සත් සමඟ එක්තරා වැරදි මතයක් ද ඉස්මතු වෙමින් තිබේ. ඒ, ඉදිරියේ ඇති විය හැකි දැඩි නියඟයක් පිළිබඳව පළ කෙරෙන අනාවැකි දැන් අසත්‍ය වී ඇති බවයි. එහෙත් දින කිහිපයක කාලගුණ තත්ත්වයත්, ඉදිරි මාස කිහිපයක දේශගුණ ප්‍රවණතාවත් එකම දෙයක් නොවේ. එබැවින් අද වැසි වැටීම හෙට හෝ ලබන මාසයේ වියළි කාලගුණයක් ඇති වීම ප්‍රතික්ෂේප කරන සාක්ෂියක් ද නොවේ. ශ්‍රී ලංකාව ආසන්න පහළ …

/ එතෙර – මෙතෙර

දළදා කරඬුව මාරු කිරීමෙන් දියවඩන නිලමේ බරපතල ලෙස විශ්වාසය කඩ කරලා?- සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති

දළදා වහන්සේ වැඩ සිටින කරඬුවට පිටතින් ඇති මහ කරඬුව මාරු කළා ය යන ආරංචිය රට කලඹවන ප්‍රශ්නයක් වෙමින් තිබෙනු දැකිය හැකි ය. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා වහන්සේ තැන්පත් කෙරුණේ ක්‍රිස්තු වර්ෂ 1600 දී පමණ බව පෙනේ. ඒ පළමු වන විමලධර්මසූරිය රජු සමයේ ය. ජන්මයෙන් රාජවංශිකයෙකු නොවූ ඔහුට ශ්‍රී ලංකාව පාලනය කිරීමේ අයිතිය තහවුරු කර ගැනීමට දළදා වහන්සේ තම භාරයට පත්වීම අනිවාර්යයෙන් ම මහෝපකාරී වන්නට ඇත. දළදා …

/ එතෙර – මෙතෙර

ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩි ඇයි? කොවිඩ් එන්නතත් බලපෑවා ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“ඉස්සරට වඩා දැන් හෘද රෝග වැඩියි” යන්න මේ වන විට නිතර ඇසෙන කතාවකි. මේ අතර හෘද රෝග සායනවලදී වෛද්‍යවරුන්ට පවා නිතර ඇසෙන ඒ සම්බන්ධ ප්‍රකට මතයක් තිබේ. එනම් COVID-19 සඳහා ලබා දුන් ප්‍රතිශක්තිකරණ එන්නත් හෘද රෝග ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇමරිකානු ජාතික වෛද්‍ය පුස්තකාලය (National Library of Medicine) මඟින් ගොනු කොට ඇති තොරතුරු සංචිතය වන …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinividasayanaya

සෞඛ්‍යමත් ජීවන රටාවක් පවුලක් ලෙස ආරම්භ කරමු -

සෞඛ්‍යමත් ජීවන රටාවක් පවුලක් ලෙස ආරම්භ කරමු

සෞඛ්‍යය යනු අප දිනපතා පවුලක් ලෙස එක්ව ගන්නා තීරණවල එකතුවකි. වර්තමාන ලෝකයේ සීඝ්‍රයෙන් වැඩිවෙමින් පවතින දියවැඩියාව (Diabetes), හෘද රෝග (Heart diseases) සහ ස්ථුලතාවය (Obesity) වැනි රෝග බොහොමයක් අපගේ ජීවන රටාව, විශේෂයෙන්ම ආහාර රටාව සහ ශාරීරික ක්‍රියාකාරකම් සමඟ සෘජුවම සම්බන්ධ වේ. අපේ රටේ බහුතරයක් මිය යන්නේ මෙවැනි බෝ නොවන රෝග (Non-communicable diseases) හේතුවෙන් වන අතර, එම රෝගවලින් පවුලේ සාමාජිකයන් මුදවා ගැනීමේ වැළැක්වීමේ පියවර හෙවත් නිවාරණය (Prevention) ආරම්භ විය යුත්තේ රෝහලකින් නොව අපේ නිවසේ කෑම මේසයෙනි. පවුලේ …

wall-logo

මී මැසි පාලක කවියා දුටු “අවුරුද්දට පසු දා”

මී මැස්සා යන වදන සමඟම අපේ සිත් තුළ මැවෙන්නේ රසය මැවීම පිළිබඳ සංකල්පයක්. නමුත් අද අපි කතා කරන්නේ වෘත්තීය මීමැසි පාලකයකු ගේ කවි රස මැවීමක් පිළිබඳව. ඔහු තිස්ස බණ්ඩාර තඹවිට …

/ wall එක

sathuntath-himi-ape-lokaya

සංඝරාජ හිමියන්ගේ බලු කපුටු දානයේ ඇත්තම කතාව

සංඝරාජ හිමියන්ගේ බලු කපුටු දානයේ ඇත්තම කතාව

වැලිවිට ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමි සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා (සෝලියුස් මෙන්ඩිස් සිත්තරාණන් විසින් නිම වන ලද කැලණි විහාර සිත්තමක්) වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමියන් (1698–1778) මහනුවර යුගයේදී පිරිහී තිබූ සම්බුදු සසුන සහ භාෂා ශාස්ත්‍රය නගාසිටුවීමට නායකත්වය දුන් අග්‍රගණ්‍ය යතිවරයාණන් වහන්සේය. සියම් දේශයෙන් උපසම්පදාව ගෙනවිත් ලක්දිව ශ්‍යාමෝපාලි මහා නිකාය පිහිටුවීමට මූලික වූ …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

සිංහරාජයේ තොරතුරු කලවාන ප්‍රධාන බස් නැවතුම්පොලේ

කලවාන ප්‍රධාන බස් නැවතුම්පොල සිංහරාජ අඩවිය පිළිබඳ තොරතුරු ලබා ගත හැකි ස්ථානයක් බවට පත් කර ජනතාවට විවෘත කිරීම 2026 මැයි මස 24 වන දින සිදු …

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි - සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

තුම්බිකුලම වන රක්ෂිතයේ ඉඩම් පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් සන් සියාම් සමාගමට බදු දීමට සැරසෙයි – සජීව චාමිකර ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ, පලුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිරිවඩුන්න ග්‍රාම නිලධාරී වසමේ පිහිටි තුම්බිකුලම වන රක්ෂිතයට අයත් මීගස්වැව ප්‍රදේශයේ අක්කර 50 ක් රක්ෂිතයෙන් ඉවත් කර පාසිකුඩා …

rasagagula

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ - අනුර හොරේෂස්

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ – අනුර හොරේෂස්

දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්‍රපටයයි. මෙම චිත්‍රපටයේ රූපගත කිරීම් ආරම්භ වූයේ පසුගිය 01 වැනිදා පාදුක්කේදීය. එහිදී මට එහි …

/ රසගඟුල
vinivida

කැමරාවෙන් සුනඛ රූප වෙනුවට සුනඛ ජීවිත එළිදැක්වූ එල්කේ වොගල්සාන්ග්

ජර්මනියේ එක්තරා නිහඬ නගරයක කාන්තාවක, තමන් මුහුණ දුන් ඉතාමත් පීඩාකාරී සහ අවිනිශ්චිත මානසික තත්ත්වයකින් මිදීම සඳහා සුරතල් සුනඛයන් ඡායාරූපගත කිරීමට පටන් ගත්තා ය. එම සමීප රූප රාමු ලොව පුරා ප්‍රසිද්ධියට …

/ රසගඟුල

ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපතිත්වයට මහාචාර්ය නාමල් විජේසිංහ

මහාචාර්ය නාමල් විජයසිංහ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුන්ගේ විද්‍යායතනයේ සභාපති ධුරයට 2026 වසර සඳහා ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ (Ceylon College of Physicians) 50 වන සභාපතිවරයා ලෙස මහාචාර්ය නාමල් විජේසිංහ මහතා තේරී පත්වී ඇත. ශ්‍රී ලංකා කායික රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, මෙරට කායික වෛද්‍ය විද්‍යාව සහ ඒ හා …

/ පහන් ටැඹ
බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ "අලංකාර ශාස්ත්‍රය" - ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ “අලංකාර ශාස්ත්‍රය” – ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර හිටපු මානව විද්‍යා මහාචාර්ය

බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ. ඇතැමුන් පවසනුයේ වත්මන් රජය ජනතාවට බොරු පොරොන්දු කන්දරාවක් දී බලය …

/ පහන් ටැඹ

iraadurupata

දිවිනසාගැනීම් පුවත් අවිචාරවත් ලෙස පැතිරවීම බරපතල සමාජ අගතියකි – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

මේ වන විට සියදිවි නසාගැනීම් සම්බන්ධ පුවත් සමාජ මාධ්‍ය තුළ අතිශය වේගයෙන් පැතිර යනු දැකිය හැක. එමෙන්ම ඒ සමඟම ඒ මරණ වටා ගොඩනැගෙන සංවේදී කතිකාවන් පුළුල් වීම වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවකි. නමුත් එම කතිකාවන් බොහොමයක් මිනිස් සිත් සතන් තුළ හැඟීම් ආවේග පුබුදු කරන සුළු ඒවා බව පෙනේ. නමුදු වේගයෙන් සමාජය …

පිටසක්වලින් එන ආස්වාදජනක “ෆැන්ටසි යානා”

‘ඒරියා 51’ (Area 51) යනු ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රාන්තයේ, ලාස් වේගාස් නගරයේ සිට සැතපුම් 80ක් පමණ දුරින් පිහිටි කාන්තාර ප්‍රදේශයක, රහසිගතව ක්‍රියාත්මක වන එඩ්වඩ්ස් ගුවන් හමුදා මූලස්ථානයට අයත් විශේෂ රහසිගත පුහුණු කඳවුරු කලාපයයි. මේ වටා ගොතන ලද ප්‍රබන්ධ කිහිපයක්ම ඇති අතර, පෘථිවියට පැමිණ කඩාවැටුණු ‘පිටසක්වල යානා’ සහ ‘පිටසක්වල ජීවීන්’ මෙහි රඳවා …

error: Content is protected !!