hotline

රුපියල අවප්‍රමාණයවීමෙන් වාහන මිල ගණන් ඉහළ යන ලකුණු

ඉදිරියේදී වාහනවල මිල ගණන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පවසයි. ඔහු සඳහන් කළේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණයවීම මීට හේතුව බවයි. එමෙන්ම මැයි මාසයේ සිට සමාජ ආරක්ෂණ බද්ධ 2.5 දක්වා ඉහළ දැමීමද වාහන මිල වැඩිවීමට හේතුවක් වනු …

විදෙස් ප්‍රේෂණ 26.5%කින් ඉහ­ළට

කැපී පෙනෙන වර්ධ­න­යක් අත්කර ගනි­මින් විදෙ­ස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමික ප්‍රජාව මෙර­ටට සිදු­කර තිබෙන සේවා නියු­ක්ති­ක­යන්ගේ ප්‍රේෂණ අගය සිය­යට 26.5 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව පසු­ගිය වසරේ මුල් මාස තුනක කාලයේ දී මෙර­ටට සිදු­කර තිබෙන ප්‍රේෂ­ණ­වල වටි­නා­කම අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 1,814.4ක් වන නමුත් ඊට සාපේ­ක්ෂව …

භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

ඉරාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී කුඩා යාත්‍රා කිහිපයක් මඟින් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක් එල්ල කර තිබේ. එක්සත් රාජධානියේ සමුද්‍ර වෙළඳ මෙහෙයුම් මධ්‍යස්ථානය සඳහන් කළේ මෙම සිදුවීම ඉරානයේ Sirik වරායට නාවික සැතපුම් 11ක් බටහිරින් සිදු වී ඇති බවයි. එම අවස්ථාවේදී නෞකාව හෝමූස් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් …

ප්‍රදේශ රැසකට මිලිමීටර 50 ඉක්ම වූ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී …

අධිකරණය දේශපාලනීකරණය කිරීමට රජය දරන උත්සාහය හෙළා දකිනවා

පසුගිය ජාත්‍යන්තර කම්කරු දින සැමරුම් වේදිකාවන්හිදී ආණ්ඩු පාර්ශ්වය විසින් අධිකරණ පද්ධතිය සහ විනිසුරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ මහජන විශ්වාසය බිඳවැටෙන ආකාරයේ ප්‍රකාශ සිදු කිරීම ජාතික නිදහස් පෙරමුණ දැඩි ලෙස හෙළා දකී. නිවේදනයක් නිකුත් කරමින් එහි නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ රජයේ වගකිවයුතු පාර්ශවයන් …

ඉන්ධන මිල යළි ඉහළට

ඊයේ ( 02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට තීරණය කර ඇත. ඒ අනුව ලංකා සුදු ඩීසල් රුපියල් 392ක්, ලංකා සුපිරි ඩීසල් 4 ස්ටාර් යූරෝ 4 රුපියල් 458ක්, ලංකා භූමිතෙල් රුපියල් 265ක්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් යූරෝ 4 රුපියල් 470ක් …

vinivida

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා

ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …

urumayaka asiriya

vinivida

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා

ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

ethera-methra

කෘෂිකාර්මික සමාජ අක් මුල් සිඳී බටහිරකරණය වූ වත්මන් බක් මහ සැනකෙළි

කෘෂිකාර්මික සමාජ අක් මුල් සිඳී බටහිරකරණය වූ වත්මන් බක් මහ සැනකෙළි

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය යනු හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් පමණක් නොව, මානව සබඳතා සහ විනෝදාස්වාදය මුල් කරගත් සංස්කෘතික සැනකෙළියකි. එම බව ඉදිරි දිනවල ගමක් ගමක් පාසා ‘බක් මහ සැනකෙළි’ නමින් සංවිධානය වන අලුත් අවුරුදු උත්සවවලින් සනාථ වනු ඇත. එමෙන්ම මෙහි ප්‍රබල සමාජයීය යටගියාවක් ද තිබේ. විශේෂයෙන් වර්ෂයේ ප්‍රධානතම වගා කන්නය වන මාස් කන්නයෙන් පසු ලබාගන්නා අස්වැන්න ගෙට ගැනීමෙන් පසු අතීත ගැමියන්ගේ සිත් තුළට දැනුණු සතුට, …

අලුත් අවුරුදු සමයේ 'තිරික්කල් රේස්' අදටත් ගැලපේ ද?

අලුත් අවුරුදු සමයේ ‘තිරික්කල් රේස්’ අදටත් ගැලපේ ද?

වත්මන් පරපුරට නුහුරු වුවද, මීට දශක කිහිපයකට පෙර මෙරට පහත රට පෙදෙස්වල සිංහල අලුත් අවුරුදු සමයේ ‘තිරික්කල් රේස්’ නොහොත් කරත්ත තරඟ අනිවාර්ය අංගයක් විය. මෙය හුදෙක් ක්‍රීඩාවක් පමණක් නොව, එකල රේන්ද සහ මිනිරන් කර්මාන්තයෙන් ධනවත් වූ මුදලි මුහන්දිරම්වරුන්ගේ පවුල්වල ගෞරවය පිළිබඳ ප්‍රශ්නයක් ලෙස ද සැලකුණි. එමෙන්ම ඔවුන්ගේ තරුණ පුතුන් මෙම තිරික්කල්වල නැඟී ගම් දනව් සිසාරා වේගයෙන් “පියඹන්නට” වූයේ ඒවායේ ආධිපත්‍යය ද තමන් සතු බව අඟවමිනි. එමෙන්ම මෙම …

ජනපති අනුර අතින් ගත් පිඟානෙන් බත් කෑමේ සිට රාජ්‍ය නායකයන්ගේ සරල හැසිරීම්

පසුගිය දිනවල ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යවල දක්නට ලැබුණි. අනුර කුමාර දිසානායක ජනපතිවරයා, කේ. ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා විසින් කඩුවෙල, වැලිවිට, ජුසේ මාවතේ ඉදිකරන ලද සුවිසල් නිවසේ දානමය පින්කමට සහභාගී වූ අවස්ථාව එහි දැක්විණි. මේ ඡායාරූපයේ ජනපතිවරයා සමඟ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ ලාල් කාන්ත අමාත්‍යවරයා ද සිටිනු දක්නට ලැබිණි. මිනිසුන්ගේ මතකයේ රැඳුණේ ජනපතිවරයා එහි හැසිරුණු ආකාරයයි. ඔහු ඉතා සන්සුන්ව, ආරක්ෂක වැටකඩොලුවලින් තොරව, සාමාන්‍ය …

එදා සිංහල අලුත් අවුරුදු කොහෝ නදට මෙදා මොකද වුණේ?

කොහා (ගැහැණු) අප පාසල් යන කාලයේ ‘සිංහල අලුත් අවුරුද්ද’ නමින් ලියන රචනාවක කොවුල් නාදය පිළිබඳව සඳහන් නොකළ හොත් එය “ලකුණු කපා ගැනීමට” හේතු වනු ඇත. එහෙත් වත්මන් පරපුරට සිංහල අලුත් අවුරුදු සමයේ කොහෝ හඬක් අසන්නට ලැබීම පවා අහඹු අත්දැකීමක් බවට පත්ව තිබේ. ඒ අනුව සිංහල අලුත් අවුරුදු සමයේ සොබාදහමෙන් අපට ලැබෙන මියුරුතම දායාදය වන කොවුල් නාදය ක්‍රමයෙන් මැකී යාම වත්මන් සමාජයේ කතාබහට ලක්විය යුතු කරුණකි. ඉහත සඳහන් …

vinivida

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ

“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …

vinivida

මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

vinividasayanaya

vinivida

දියවැඩියාවට පෙර ඇති විය හැකි පෙරදියවැඩියාව

වයස 20 – 30 පසු වී 40 -50 වන විට ශරීරයේ පෙනුම වෙනස් වන අන්දම අපි දනිමු. ශරීරය ඇතුලාන්තය වෙනස් වන්නේත් මේ ආකාරයටම ය. අද අපි කතා කරන්නේ මේ විදියට ඇතිවන වෙනස්කම තුළින් ඇතැම් විට ලෙඩක් නිර්මාණය විය හැකි අන්දම පිළිබඳව ය. මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ පූර්ව දියවැඩියාව හෙවත් පෙරදියවැඩියාව ලෙසිනි. පෙරදියවැඩියාවෙන් පෙළෙන සමහරුන් නිරායාසයෙන්ම දියවැඩියාව තුළට ගමන් කරන්නේ එම පුද්ගලයාටවත් නොදැනෙන ආකාරයකිනි. ඔබේ ජීවිතයේ ඉදිරි කාලය ඔබගෙන් ඉවත් කරන්නට මෙම රෝගී තත්ත්වයට හැකියාවක් …

wall-logo

කවි ඇසින් නීතිය දකින නීතිඥ කිවිඳියක්

නීතිය හා කවිත්වය අතර එකි`නෙක කෙලෙස එක් කළ හැකිද?යන කරුණ සම්බන්ධයෙන් විමසුමක් කරද්දී ඇතැම් විට ඊට පැහැදිලි පිළිතුරක් නොතිබෙන්නත් පුළුවන්.නමුත්  එක්තරා ලෙසකින් දෙලොවක් ලෙස නම් කළ හැකි ඒ ක්ෂේත්‍ර දෙක …

/ wall එක

sathuntath-himi-ape-lokaya

vinivida

ආලෝකා ද කැටුව හිමිවරුන් යන සාම පා ගමනේ ඉදිරිය කුමක්ද?

ඉකුත් පැය 48 තුළ ලැබුණු තොරතුරු අනුව, ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට සැතපුම් 2,300ක් දුර ගෙවා පැමිණෙන සුවිශේෂී “සාම පා ගමන” (Walk for Peace), භික්ෂූන් වහන්සේලා 19 නමකගේ සහභාගීත්වයෙන් ඇමරිකානු අගනුවර වන වොෂින්ටන් ඩී.සී. (Washington, D.C.) වෙත ළඟා වෙමින් පවතින බව දැනගන්නට ලැබී තිබේ. මෙය මුලින් බලාපොරොත්තු වූවාට වඩා දින කිහිපයකට පෙර අවසන් වීමට …

.

“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි

hadawatha-gana-hadawathinma

thinetha-add2022.11.14

haritha-danawwa

මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?

මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …

/ හරිත දනව්ව

කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්

යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

rasagagula

vinivida

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්

නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …

/ රසගඟුල
vinivida

පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!

වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

/ රසගඟුල

vinivida book fair

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?

සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …

/ පහන් ටැඹ
vinivida

බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්

ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

/ පහන් ටැඹ

iraadurupata

vinivida

යක්කුත් කතා කරවන අපේ තොවිල්

“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” ​රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …

vinivida

දරුවා යනු තෙත මැටි ගොඩක් ; ඉන් වඩා උචිත දේ ඇඹීම ඔබේ වගකීමක් – නජීලා අදිකාරී

මෑතක නුවර ප්‍රසිද්ධ බාලිකා පාසලක පුහුණු සැසියකට සම්බන්ධ වූ පුහුණු වන ගුරුවරියකට අපූරු සිදුවීමකට මුහුණ දෙන්න සිදු වුණා. ඇයට නියමිත වෙලා තිබුණේ දෙවැනි ශ්‍රේණියේ සිසුන්ට දෙමළ පාඩමක් සිදු කිරීමට. ඇය නිර්මාණය කර ගෙන ආ ප්‍රදර්ශන පුවරු භාවිතා කරමින් පාඩම් ප්‍රවේශය ගත්තා. එක් පුවරුවක ලේනෙකුගේ පින්තූරයක් තිබුණා. දෙමළ බසින් “අනිල්” යනු …

error: Content is protected !!